සෞඛ්‍ය බලධාරීන්ගේ නිගමනයන්ට අනුව පාසල් විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කරන දිනයම පිරිවෙන් ආයතන යළි විවෘත කෙරෙන දිනය ලෙ...
සෞඛ්‍ය බලධාරීන්ගේ නිගමනයන්ට අනුව පාසල් විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කරන දිනයම පිරිවෙන් ආයතන යළි විවෘත කෙරෙන දිනය ලෙස සැලකිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
එසේම, පිරිවෙන් ආයතන නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් පිරිවෙන් අධ්‍යාපන ශාඛාවෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙතෙක් නේවාසික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පිරිවෙන්වල පවත්වා ගෙන ගිය නේවාසික දින චර්යාවට අදාළ වන පොත් කිරීම, වත් පිළිවෙත් කිරීම ආදී නේවාසික කටයුතු බාහිර සිසුන්ගේ හා බාහිර ගුරු භවතුන්ගේ සහභාගීත්වයෙන් තොරව පිරිවෙන් කෘත්‍යාධිකාරී නාහිමියන්ගේ හා පරිවේණාධිපති හිමියන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
COMMENTS