හරීන් ප්‍රනාන්දු මහතා එදා සිදුකර ක්‍රියාවත් මෙදා සිදුකර ප්‍රකාශයක් තරයේ හෙළා දකින බව හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයිි. ජගත් පුෂ...
හරීන් ප්‍රනාන්දු මහතා එදා සිදුකර ක්‍රියාවත් මෙදා සිදුකර ප්‍රකාශයක් තරයේ හෙළා දකින බව හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයිි.
ජගත් පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ පසුගිය වසර පහක කාලයක් වැල්ලවාය ප්‍රදේශය කිසිදු සංවර්ධන කටයුත් සිදු නොවූ අතර වැල්ලවායේ ජනතාව මෙවර මැතිවරණයේදී එයට පිළිතුරු ලබා දෙන බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු මහතා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජගත් පුෂ්පකුමාර මහතා මෙවැනි වියසනයක් දැන දැනත් රජයේ ප්‍රධාන කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් එදා සිදුකර ක්‍රියාවත් මෙදා සිදුකර ප්‍රකාශයත් තරයේ හෙළා දකින බවයි.
ඔහුට ලැබුණු එම තොරතුරු අගරදගුරු තුමාටත්,ආරක්ෂක අංශ වලටත් දන්නවා සිටියා නම් සිදුවූ ඒ වියසනය වළක්වා ගැනීමට හැකිවන බවද සඳහන් කල ජගත් පුෂ්පකුමාර මහතා අහිංසක මිනිසුන්ගේ ජීවිතය බිල්ලට දී මොවුන්ගේ ජීවිත බේරා ගැනීම එක්සත් ජාතික පක්ෂයේ එදා සිටම ප්‍රතිපත්තිය බව ප්‍රකාශ කළ අතර එදා ත්‍රස්තවාදීන්ට ආයුධ දුන්නෙත් බංකර් ගහන්න සිමෙන්ති දුන්නෙත් එක්සත් ජාතික පක්ෂය බවත් පුෂ්පකුමාර මහතා මෙහිදී ප්‍රකාශ කලේය.
මහ බැංකුව කොල්ලකෑම නිසා රට අගාධයට වැටී ඇති කාලයක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුසංයෝගයෙන් රටේ මිනිස්සුන්ට වීමට තිබූ විශාල ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමට පියවර සූදානම් වන බව ද මෙහිදී ප්‍රකාශ කළේය.
COMMENTS