දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සහරාන්ට අයත් මාතලේ ඉඩමේ ගම්මිරිස් නෙළීම නවතා ඉඩම ග‍්‍රාම නිලධාරිනිය යටතට පවරයි
Homeප්‍රවෘත්ති

සහරාන්ට අයත් මාතලේ ඉඩමේ ගම්මිරිස් නෙළීම නවතා ඉඩම ග‍්‍රාම නිලධාරිනිය යටතට පවරයි

PropellerAds

පා ස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරු වූ මියගිය සහරාන් හෂීම්ට අයත් මාතලේ හතමුණගාල ප‍්‍රදේශයේ අක්කර 25ක ගම්මිරිස් ඉඩමේ අස්වැන්න නෙළීම තාවකාලිකව...

හිරු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට
ත්‍රිකුණාමලය වැලි ජාවාරම වැටලීම : නාවික හමුදා සෙබළුන් 12 කට තුවාල, 4 කට බරපතලයි (PHOTOS)
සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක්
පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරු වූ මියගිය සහරාන් හෂීම්ට අයත් මාතලේ හතමුණගාල ප‍්‍රදේශයේ අක්කර 25ක ගම්මිරිස් ඉඩමේ අස්වැන්න නෙළීම තාවකාලිකව නවතා එහි ඉඩම අදාළ ග‍්‍රාමසේවා වසමේ ග‍්‍රාම නිලධාරිවරිය භාරයට පැවරූ බව මාතලේ ප‍්‍රාදේශීය ලේකම් ඒ. සී. එල්. මධුවන්ති මහත්මිය ඊයේ (10දා) පැවසුවාය.

සහරාන් හෂීම්ට අයත් මෙම ගම්මිරිස් ඉඩමේ මුරකරු ඇතුළු තවත් කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස පිරිස යොදවා මෙහි ගම්මිරිස් අස්වැන්න නෙළා අලෙවි කර එක්තරා කණ්ඩායමකට මුදල් ලබාදෙන බවට ප‍්‍රදේශවාසීන් විසින් නගන ලද චෝදනාව ගැන විමසීමේදී ඇය මේ බව පැවසුවාය.

ග‍්‍රාම නිලධාරිවරියට මෙම ඉඩම බලා ගැනීම සඳහා නියෝග නිකුත් කර තිබියදී තවදුරටත් සූක්ෂම ලෙස කම්කරුවන් යොදවා එහි මුරකරු සහ ප‍්‍රබල ව්‍යාපාරිකයන් කිහිපදෙනකු දේශපාලන පක්ෂයක උදව්කරුවකු එම වත්තේ ගම්මිරිස් කැඞීම තවදුරටත් සිදුකරගෙන යන බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ පිළිබඳව වසම භාර ග‍්‍රාම නිලධාරිනියගෙන් අප කළ විමසීමේදී කියා සිටියේ එම වත්තේ ගම්මිරිස් අසල්වැසියන් කඩන බවට තොරතුරු ලැබීම නිසා එය නැවැත්වීමට තමන්ට උපදෙස් ලැබුණ ද ඉඩම තම භාරයට පවරා නැති බවය. එම ඉඩම ඉබ‍්‍රාහිම් නමැති අයකුගේ බවත්, එහි මුරකරු ගම්මිරිස් අස්වැන්න නෙළා අයිතිකරුවන්ට මුදල් යවන බවත් ග‍්‍රාම නිලධාරිනිය කීවාය.

සහරාන් හෂීම්ගේ දේපළ අධිකරණ නියෝග මත තහනම් කර ඇති බවද, ඉඩමේ ගම්මිරිස් අස්වැන්න දින කිහිපයක් තිස්සේ කණ්ඩායමක් නෙළමින් සිටින බව ද ප‍්‍රදේශවාසීහු කියති.

මේ පිළිබඳව මාතලේ ප‍්‍රාදේශීය ලේකම් ඒ.සී.එල්. මධුවන්ති මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ මෙම දේපළ සහරාන් හෂීම්ට අයිති බව තහවුරු වී ඇතත්, ලිඛිතව මෙම දේපළ රාජසන්තක කළ බවට තමා වෙත දන්වා නොමැති බවය. කෙසේ වෙතත් මෙම ඉඩම පිළිබඳව ඉදිරි කටයුතු කෙසේ සිදු කරන්නේ ද යන්න නීතිපතිවරයාගෙන් විමසා ලිපි යවා තිබෙන බවත්, එතෙක් මෙම ඉඩමට කිසිම අයකුට ඇතුළු වීමට හෝ අස්වනු නෙළීමට ඉඩ නොදෙන ලෙස උපදෙස් ලබා දී ග‍්‍රාම නිලධාරිවරිය භාරයේ තබා තැබීමට උපදෙස් ලබාදී ඇති බවත් ඇය වැඩිදුරටත් කීවාය.

ප‍්‍රදේශවාසීන් කණ්ඩායමක් මෙම ඉඩමේ ගම්මිරිස් අස්වැන්න නෙළන බවට තමාටද පැමිණිලි ලැබී ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. මේ ඉඩමට කුණු කසළ බැහැර කිරීම සඳහා පසුගියදා මාතලේ ප‍්‍රාදේශීය සභාව මගින් යෝජනා ස්ථිර කරගෙන තිබිණි.

සීගිරිය සරත් එරමිණිගම්මන


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සහරාන්ට අයත් මාතලේ ඉඩමේ ගම්මිරිස් නෙළීම නවතා ඉඩම ග‍්‍රාම නිලධාරිනිය යටතට පවරයි
සහරාන්ට අයත් මාතලේ ඉඩමේ ගම්මිරිස් නෙළීම නවතා ඉඩම ග‍්‍රාම නිලධාරිනිය යටතට පවරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE5qECKkKBSBstpWAW08OC_bh8KrhKFRfgxihS9oQ2DvShoulqnH8ejT03McjJ53_g05XmMDwz15jndklc7Znc_Y1hIVZc1ieHpAL8RhWnfs3f9eavlwJvCYWoPmgUqU6pN65sDzQEA98/s320/unnamed.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE5qECKkKBSBstpWAW08OC_bh8KrhKFRfgxihS9oQ2DvShoulqnH8ejT03McjJ53_g05XmMDwz15jndklc7Znc_Y1hIVZc1ieHpAL8RhWnfs3f9eavlwJvCYWoPmgUqU6pN65sDzQEA98/s72-c/unnamed.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_112.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_112.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy