දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විවාහ උත්සවවල පිරිස 200 කරන්න රජය සූදානම්

විවාහ මංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමුවෙයි . ඊට අදාල යෝජනාව දැනටමත් කොවිඩ් 19 ...

විවාහ උත්සවවල පිරිස 200 කරන්න රජය සූදානම්

විවාහ මංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමුවෙයි .

ඊට අදාල යෝජනාව දැනටමත් කොවිඩ් 19 පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමුකර ඇතැයි කාර්මික අපනයන,  ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාරපාන සපයන්නන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සාකච්ඡාව බියගම පිහිටි උත්සව ශාලාවක දී  පැවැත්විණ. මේ සඳහා දිවයින පුරා විසිරී සිටින උත්සව ශාලා හිමියෝ 100කට අධික පිරිසක් සහභාගී වුහ.

කොඩිඩ් 19 වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව හා වෙනත් උත්සව සඳහා සහභාගී කරගත හැකි සංඛ්‍යාව 100 දක්වා සීමා කර තිබූ අතර සංගම් නියෝජිතයන් පෙන්වා දුන්නේ එය ප්‍රමාණවත් නොවන බවයි. විවාහ මංගල උත්සවයකදී උත්සව ශාලා හිමියන්ට දැරීමට සිදුවන පිරිවැයත් සමග බරපතළ පාඩුවක් සිදුවන බවද ඔවුහු පෙන්වා දුන්හ. මෙම තත්ත්වය නිසා ආහාර පාන සපයන්නන්, වීඩියෝ හා කැමරා ශිල්පීන්, අෂ්ඨකවරුන්, මඟුල් බෙරකරුවන් ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බවද එම සංගම් නියෝජිතයෝ ඇමතිවරයාට පෙන්වා දුන්හ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ තමන් දැනටමත් මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සමඟ සාකච්ජා කර ඇති බවයි. ඉතා ඉක්මනින් මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීවේය.

ආහාරපාන සපයන්නන් මෙහිදී කියා සිටියේ සිය කර්මාන්තයට රජයේ කිසිදු ආධාරයක් නොලැබෙන බවයි. කොඩිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල අනුව ද තමන්ට එම වරප්‍රසාද හිමි නොවන බව ඔවුහු පෙන්වා දුන්හ. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි අයට මෙම වරප්‍රසාද ලැබෙන බවයි. එලෙස ලියාපදිංචි වී නැත්නම් සංචාරක අධිකාරියේ කඩිනමින් ලියාපදිංචි වන ලෙස ඇමතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය. මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ඒ සඳහා අයදුම් කිරීමේ පහසුකම් සලසා ඇතිබවද ඇමතිවරයා මෙහිදී කීවේය. මෙම අවස්ථාවට සහන් ප්‍රදීප් විතාන මහතාද සහභාගී විය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29590,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විවාහ උත්සවවල පිරිස 200 කරන්න රජය සූදානම්
විවාහ උත්සවවල පිරිස 200 කරන්න රජය සූදානම්
http://am.lk/media/k2/items/cache/b7afe2018950db5d22c02fd2a2a08df1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/200_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/200_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy