ඊයේ (13) දිනයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව නිදහස් කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව, නීත්‍යානුකූලව ...
ඊයේ (13) දිනයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව නිදහස් කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව, නීත්‍යානුකූලව ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ රාජිත සේනාරත්න මහතාව ඊයේ රාත්‍රියේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය,
"රාජිත සේනාරත්න මැතිතුමා අපේ දේශපාලන ගමනේ වීරෝදාර නායකයෙක්. ඒ වගේම මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගත්, පොඩි මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින, ඉතාමත්ම ජවසම්පන්න දේශපාලනඥයෙක්. සමාජ සේවකයෙක්. එතුමාට යුක්තිය සාධාරණය ඉෂ්ඨ කරන්නට එතුමා වෙනුවෙන් අපි නිරතුරුවම ගතහැකි සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
ඒවගේම අපි එතුමාගේ නිදහස වෙනුවෙන් නීත්‍යානුකූලව කළහැකි සියලුම කටයුතු ඉෂ්ඨ කරන්නට සැදී පැහැදී සිටිනවා. මම විශ්වාස කරනවා එතුමාගේ නිදහස වෙනුවෙන් මේ රටේ සුවහසක් දුක් විඳින ජනතාවගේ සහයෝගයත් අපේ මේ ප්‍රජාතන්ත්‍රවාදී, නීත්‍යානුකූල වැඩ කටයුතුවලට ලැබෙයි කියලා. එතුමාගේ නිදහස වෙනුවෙන් සමගි ජන බලවේගය හැටියට අපි ඇප කැප වෙනවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
COMMENTS