කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස්අතුරුදන් වූ ධීවරයාගේ සිරුර අද(4) හුංගම කළමැටිය මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ බව හුංගම...
කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස්අතුරුදන් වූ ධීවරයාගේ සිරුර අද(4) හුංගම කළමැටිය මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ බව හුංගම පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ නාකුළුගමුව උතුරු කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අම්බලන්ගොඩ ලියනගේ ලක්ෂ්මන් ආනන්ද(55) නම් සිව්දරු පියෙකු බවද පොලිසිය කියයි.
කුඩාවැල්ල ධීවර වරායෙන් ඉකුත් 1වැනිදා පස්වරු 2.30ට පිටත්ව ගිය “ජයවේ අංක 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයකු මෙලෙස අතුරුදන්ව තිබිණ. මෙම ධීවර යාත්‍රාවෙන් තවත් ධීවරයන් පස් දෙනකු සමඟ මෙම පුද්ගලයා පිටත්ව ඇති අතර ඔහු අතුරුදන් වීම නිසා යළිත් එම ධීවර යාත්‍රාව එදිනම රාත්‍රී 11 ට පමණ කුඩාවැල්ල ධීවර වරායට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
හුංගම කළමැටිය ධීවර වරාය ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් ඊයේ ධීවරයකු දැක මේ සම්බන්ධයෙන් හුංගම පොලිසිය දැනුම්වත් කර ඇත. අතුරුදන් වූ පුද්ගලයාගේ ඥාතීන් පැමිණ මියගිය පුද්ගලයා හඳුනාගෙන තිබිණ.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීහු මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
COMMENTS