දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරොනා ක‍්‍රමයට නම් දෙගුණයක් ගාස්තු ඕනෑ.. පුද්ගලික බස් වර්ජනයේ.. හැදුනුම්පත් අංක නොතකා ජනතාව නගර කරා !
Homeප්‍රවෘත්ති

කොරොනා ක‍්‍රමයට නම් දෙගුණයක් ගාස්තු ඕනෑ.. පුද්ගලික බස් වර්ජනයේ.. හැදුනුම්පත් අංක නොතකා ජනතාව නගර කරා !

PropellerAds

කො විඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග දින තුනක් පනවා තිබු ඇදිරි නිතිය (28) දින උදැසන 5 ට ඉවත් කිරිමෙන් අනතුරුව හැටන් පෞද්ගලික බස් නැවතුම...

තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රැසක් පෝලිමේ - අලුතින් රජයේ වෛද්‍ය විද්‍යාල 2ක් 
'සයිටම් ප්‍රධානියා වෛද්‍යවරයෙක් නොවෙයි'
විදුලිබල මාෆියාවේ තවත් හෙළිදරව්වක්: කැබිනට් අනුමැතියට පෙර මිලදී ගැනීම් සිදු කරලා
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග දින තුනක් පනවා තිබු ඇදිරි නිතිය (28) දින උදැසන 5 ට ඉවත් කිරිමෙන් අනතුරුව හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා ධාවන කටයුතු ආරම්භ කරන දුර සහ කෙටිදුර ධාවන බස් රථ ධාවනයෙන් ඉවත් කර ගැනිමට හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයට කටයුතු කර ඇත.
සෞඛ්‍යය අංශ විසින් ලබා දි ඇති නිර්නායක අනුව තමන්ට බස් රථයේ මගින් 21 දෙනෙකු රැගෙන ධාවනය කිරිමෙන් විශාල පාඩුවක් සිදු වන නිසා තමන් මෙසේ ධාවන කටයුතු  වලින් ඉවත් විමට කටයුතු කල බවයි පෞද්ගලික බස් රථ රියදුරන්ද කියා සිටින්නේ.

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා බස් රථ 300 ක් පමණ ධාවනය වන අතර එම බස් රථ සියල්ලම (28) දින ධාවනයෙන් ඉවත්කිරිමට එම සංගමය කටයුතු කර ඇත.

සෞඛ්‍යය උපදෙස් පිලිපදිමින් මගින් ප්‍රවාහනය කල යුතු බවත්, තමන්ට බස් රථ ධාවනය කිරිමෙන් විශාල පාඩුවක් සිදු වන නිසා දැනට මගියෙකුගෙන් ගමනාන්තය දක්වා අය කරන මුදල දෙගුණ කර අය කිරිමට රජය අනුමැතිය ලබාදෙන්නේ නම් බස් රථ ධාවනයට එක් කල හැකි බව එම සංගමය පවසයි.

පෞද්ගලික බස් රථ ධාවනය කටයුතු වලින් ඉවත් වුවද හැටන් ලංගම ඩිපෝව මගින් දුර සහ කෙටිදුර ධාවනයට බස් රථ එක් කර ඇති අතර එම බස් රථ වල සෞඛ්‍යය උපදෙස් අනුව මගින් ප්‍රවාහනය කරනු ලබයි.

හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ සෞඛ්‍යය බලධාරින් ලබා දි ඇති නිර්නායක අනුව බස් රථ ධාවනය කිරිමට හැකි අය බස් රථ ධාවනය කරවන ලෙසයි.

මේ අතර (28) දින අලුයම ඇදිරි නිතිය ඉවත්කිරිමෙන් පසු හැටන් නගරයේ සතොස කාර්යයාලය ඉදිරිපිට අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය මිල දි ගැනිමට දිගු පෝලිම්වල ජනතාව රැදි සිටියද වතුකරයේ ජනතාව නගරයට පැමිණිමේදි ජාතික හදුනුම්පත් අවසන් අංකය අනුව නගරයට පැමිණම සිදු කල යුතු බව පිලිබදව තමන් දැනුවත් නොමැති  බවයි වතුකරයේ ජනතාව කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරොනා ක‍්‍රමයට නම් දෙගුණයක් ගාස්තු ඕනෑ.. පුද්ගලික බස් වර්ජනයේ.. හැදුනුම්පත් අංක නොතකා ජනතාව නගර කරා !
කොරොනා ක‍්‍රමයට නම් දෙගුණයක් ගාස්තු ඕනෑ.. පුද්ගලික බස් වර්ජනයේ.. හැදුනුම්පත් අංක නොතකා ජනතාව නගර කරා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmnM2JWwUxtWs38rwH4i2zbUty9JLFQPISLBB7Ru8SIR0NrpEjhH_hpTIy4t7j-BwuKwyb6m3V1R4FskjHf2r4-Tt8B_ult9pDXaRIHQz1Z-E8YDw50DO9VzNZWfHYYMNdMlBjslro3DE/s320/CTB.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmnM2JWwUxtWs38rwH4i2zbUty9JLFQPISLBB7Ru8SIR0NrpEjhH_hpTIy4t7j-BwuKwyb6m3V1R4FskjHf2r4-Tt8B_ult9pDXaRIHQz1Z-E8YDw50DO9VzNZWfHYYMNdMlBjslro3DE/s72-c/CTB.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_933.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_933.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy