දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් එකක් නාවික සෙබළුන්

මෙරටින් හඳුනාගැනුණු කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 630 දක්වා ඉහළගොස් තිබේ. මුළු ආසාදිතයන්ගෙන් තුනෙන් එකක්ම වැලිසර නාවික හමුදා කඳවුරට අනි...

කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් එකක් නාවික සෙබළුන්

මෙරටින් හඳුනාගැනුණු කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 630 දක්වා ඉහළගොස් තිබේ.

මුළු ආසාදිතයන්ගෙන් තුනෙන් එකක්ම වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සෙබළුන් වේ.

මෙරටදී ආසාදනය වූ පළමු කොවිඩ් 19 ආසාදිතයා හඳුනාගත් මාර්තු 11 වැනිදා සිට ගෙවුණු  සති 7 ක කාලය තුළ වැඩිම ආසාදිතයින් ගණනක් වර්තා වුණේ ගෙවුණු සතිය තුළදීයි.

ඒ අනුව ඊයේ දිනයේ හදුනාගත් රෝගින් 31 දෙනා සමග මෙම සතිය තුළ හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 309 ක්.

පළමු නාවික හමුදා  ආසාදිත සෙබළා  හඳුනාගැනුණු ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට ඊයේ දහවල් 12.30 දක්වා කාලය තුළ අලුතින් හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් ගණන 308 ක් වන අතර ඊට ඇතුළත් නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණන 235 ක් වේ.

මෙම කාල වකවානුව තුළ ඉන් බැහැරව අනෙකුත් නිරෝධායන කඳවුරු සහ ක්ෂේත්‍ර පරීක්ෂණ වලදී හඳුනාගත් අසාදිතයන් ගණන 73 කි.

එනම් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වැළඳීමෙන් පැතිර ගිය නියැදිය හැරුණු කොට ගෙවුණු දින 8 ක කාලය තුළ බාහිර නිරෝධායන කඳවුරු හා ක්ෂේත්‍ර පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයන් 73 දෙනකු පමණයි.

පෙරේදා දිනය තුළ හදුනා ගත් අසාදිතයින් 31 ක් දෙනා අතරින් 21 දෙනෙකුම නාවික හමුදා සාමජිකයින් වන අතර තවත් සිව්දෙනෙකු යුද හමුදා සාමාජිකයින් වේ.‍

ඒ අනුව මෙරට ආසාදිතයන් අතුරින් වැඩිම පිරිසක් වර්තා වන්නේ කොළඔ දිස්ත්‍රික්කයෙන් වන අතර මේ වන විට එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන ආසාදිතයන් ගණන 155 ක්.

කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති සෙසු දිස්ත්‍රික්ක වන කළුතරින් අසාදිතයින් 63 ක්ද , ගම්පහෙන් 47 ක් සහ පුත්තලමෙන් 41 ක් වාර්තා වි තිබිණි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් දෙදෙනකු හදුනාගත් ගැනිමත් සමග එහි මුළු ආසාදිතයින් ගණන 20 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් එකක් නාවික සෙබළුන්
කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් එකක් නාවික සෙබළුන්
http://am.lk/media/k2/items/cache/6c745a8d6801b31d5cd196c6668983a4_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_621.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_621.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy