දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා මහ බැංකුව උපරිම පොලී අනුපාත නියම කරයි

රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් දැනට අය කරනු ලබන වාර්ෂීක පොලිය 12% - 17.5% දක්වා පරාසයක පවතින බව ශ්‍රී ලංකා මහ බැං...

රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා මහ බැංකුව උපරිම පොලී අනුපාත නියම කරයි

රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් දැනට අය කරනු ලබන වාර්ෂීක පොලිය 12% - 17.5% දක්වා පරාසයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. 

කොවිඩ්-19 ව්‍යසනය නිසා ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ, තම කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රන් භාණ්ඩ උකසට තබන අඩු ආදායම්ලාභීන්ට සහනයක් සැලසීිමේ අවශ්‍යතාව සලකමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී බැංකුවල රන් භාණ්ඩ උකස් අත්තිකාරම් පහසුකම් සඳහා උපරිම පොලී අනුපාත සීමා පැනවීමට තීරණය කරන ලදි.

ඒ අනුව, 2020 අප්‍රේල් 27 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී  අනුපාතය වසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1% ක උපරිමයකට සීමා කරමින් මුදල් නීති පනත යටතේ නියෝගයක් නිකුත් කරන ලදී. 

මෙම උපරිම පොලී අනුපාත, මෙම නියෝගය ක්‍රියාත්මක වන දින සිට අළුතින් ලබා දෙන උකස් අත්තිකාරම්වලට සහ දැනට පවතින උකස් අත්තිකාරම් එදින සිට නැවත අළුත් කිරීමේ දී  අදාළ වේ.

තව ද, රන් භාණ්ඩ උකස් සේවා සපයන අනෙකුත් ආයතන ද සිය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ හදිසි මූල්‍ය අවශ්‍යතා දැරිය හැකි පිරිවැයකින් සපුරා ගැනීමට සහ පසු කාලීන ව එම උකසට තබන ලද ස්වර්ණාභරණ බේරා ගැනීමට හැකි වන පරිදි අඩු පොලියකට උකස් ණය පහසුකම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා මහ බැංකුව උපරිම පොලී අනුපාත නියම කරයි
රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා මහ බැංකුව උපරිම පොලී අනුපාත නියම කරයි
http://am.lk/media/k2/items/cache/23f3dfd58cfe4f56f02a0c3dbbb47328_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_316.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_316.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy