ශ්‍රී ලංකාවේ ජීවත්වන ඉහළම දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සඳහා පවා මසක වියදම රුපියල් 16,700ක් බැවින් රුපියල් 5000 දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් න...
ශ්‍රී ලංකාවේ ජීවත්වන ඉහළම දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සඳහා පවා මසක වියදම රුපියල් 16,700ක් බැවින් රුපියල් 5000 දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ආණ්ඩුව මේ ජනතාව මහපොළවේ ජීවත් වන ආකාරය පිළිබඳ මීට වඩා සංවේදී විය යුතු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
"මම කැමතියි පෙන්නන්න ඇත්තටම අපේ මිනිස්සුන්ගෙ ආදායම් වියදම් තත්වය මොකද්ද, මහපොළවෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න නම්, ඒ අඩුම ආදයම් ලබන මිනිස්සුන්ට පවා මධ්‍යස්ථය රුපියල් 16,700යි.
අපි බොරුවට කෑගහලා වැඩක් නෑ රුපියල් 500න් මිනිස්සුන්ට දීර්ඝ වශයෙන් මාසයක් මාස එකහමාරක් ජීවත් වෙන්න පුළුවන් කියලා. සංඛ්‍යානයේ තියෙනවා දශමක කියලා දෙයක්. ඒ කියන්නෙ අපෙ ගෘහස්ථ ව්‍යාප්තිය අරගෙන බැලුවොත් එහෙම ලංකාවෙ ජීවත්වෙන සියලුම පවුල් අරගෙන ආදායමට අනුව 10% කොටස්වලට කැඩුවොත් ඊට පස්සෙ ශ්‍රේණිගත කළොත් ලංකාවෙ ජීවත්වන සමස්ථ ගෘහස්ථවලින් අඩුම ආදායම ලබන ගෘහස්ථවල මධ්‍යස්ථය තමයි රුපියල් 9,916. මේක සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙ අවසන් ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයෙන් ලබාගත්ත ඉලක්කම 2016. ඔවුන් වියදම් කරන ප්‍රමාණය තමයි රු. 16,678.
දෙවැනි දශමකය ගත්තොත් ඒ කියන්නෙ ලංකාවෙ ජීවත්වන ගෘහස්ථවලින් දරිද්‍රතාවය වැඩිම 10% තමයි අර කලින් කිව්වෙ. ඊළඟ 10% ගත්තොතින් ඔවුන්ගෙ මාසික ආදායම රු. 19,776යි, ඔවුන්ගෙ වියදම රු. 24,191යි. මේ යනාදී වශයෙන් අපි දශමක ගත්තොත් පළවෙනි දශමකය 9900යි, දෙවැනි දශමකය 19700යි, තුන්වෙනි දශමකය 26700යි, හතරවෙනි දශමකය 33240යි යනාදී වශයෙන්.
රුපියල් 5000 නෙවෙයි, අවම වශයෙන් දැන් රුපියල් 10,000ක්වත් එහෙම නැත්නම් රුපියල් 15,000ක්වත් ඒ පුද්ගලයොන්ට ලබාදෙන්න සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී රජයට නැවතත් කියන්න තියෙන්නෙ අපට මහපොළවෙ ජනතාවගේ ජීවත් වීමේ ගැටළුව පිළිබඳව මේ හොයනවාට වඩා තව ඕනෑකමින්, දැඩිව, සෘජුව මේ පිළිබඳ සොයලා බලලා අවශ්‍ය කටයුතු කරන්න කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS