“මට දැන් වයස අවුරුදු 43යි. 2005 සිට 2015 දක්වා යුද්ධය අවසන් කිරීමට උත්සාහ කළ නායකයාට මම ගෞරව කරනවා. ඔහුගේ නායකත්වය යටතේ ආර්ථික සංවර්ධනය කර...
“මට දැන් වයස අවුරුදු 43යි. 2005 සිට 2015 දක්වා යුද්ධය අවසන් කිරීමට උත්සාහ කළ නායකයාට මම ගෞරව කරනවා. ඔහුගේ නායකත්වය යටතේ ආර්ථික සංවර්ධනය කරා ප්‍රගතියක් ඇති නමුත් අවාසනාවකට මෙන් 2015 සිට පසුගාමී ප්‍රවණතාවක් අප දැක්කා. ඔහුගේ හැකියාවන් සැලකිල්ලට ගනිමින් මම ගෝඨාභය රාජපක්ෂ මහතාය සහාය දීමට තීරණය කළා.” යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් මහතා ප්‍රකාශ කළේය.
“මම ජනතාව සඳහා නිවාස 1,000 ක් ඉදිකර, පෙර පාසල් පහක් විවෘත කර, අඩු ආදායම්ලාභී පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ලබා දී, ළමුන් 8,500 කට ශිෂ්‍යත්ව ලබා දුන්නා,” ඔහු පැවසීය.
බෙන්තොට දී මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේ මැතිවරණයට ඉදිරිපත් වීමේ තම අභිප්‍රාය ජනතාව දැනුවත් කිරීම සඳහා ය.
එළඹෙන මහ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව ප්‍රවේශයකින් තරඟ කරන බවත්, ආගමික හා වාර්ගික වෙනස්කම් නොසලකා සියලු දෙනාගේ සහයෝගය ප්‍රාර්ථනා කරන බවද ඔහු සඳහන් කරයි.
ඒ සඳහා තරඟ ජයග්‍රහණය කළ විට වාර්ගික හා ආගමික වෙනස්කම් නොතකා ජනතාවගෙන් තමාට ලැබුණු සහයෝගය හා අත්පොළසන් දිල්ෂාන් සිහිපත් කළ අතර තම දේශපාලන ජීවිතය තුළ ජනතාවගෙන් සහය ලැබෙනු ඇතැයි අපේක්ෂා කළේය.
ගාලු දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා තම ජාත්‍යන්තර සම්බන්ධතා භාවිතා කිරීමට හැකි වනු ඇතැයි ඔහු පැවසීය.
COMMENTS