බෙල්ජියමේ සිට පැමිණි නමුත් කොරෝනා නිරෝධායන කටයුතු වලට හසු නොවී පැමිණි පවුලක් වවුනියාව පොලීසිය විසින් 16 දා වවුනියාවේ රාසේන්ද්‍රකුලම් ප්‍ර...
බෙල්ජියමේ සිට පැමිණි නමුත් කොරෝනා නිරෝධායන කටයුතු වලට හසු නොවී පැමිණි පවුලක් වවුනියාව පොලීසිය විසින් 16 දා වවුනියාවේ රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයේදී සොයා ගෙන තිබේ.
මෙම පවුලේ මව පියා සමග වයස අවුරුදු 5 සහ 8 යන වයස් වලට අයිති දරුවන් දෙදෙනෙකුද සිට ඇති අතර ඔවුන්ව වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් වෙත යොමු කොට තිබේ.
වවුනියාව මුලස්ථාන පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔවුන්ව සොයා ගෙන ඇති අතර තවත් මෙවැනි පිරිස් සිටින බවට පොලීසියට ලැබුණු තොරතුරු මත ඔවුන්ව සොයා වවුනියාව පොලීසිය මෙහෙයුමක් දියත් කොට තිබේ.
මේ අතර වවුනියාවේ නෙලුකුලම ප්‍රදේශයේද කාන්තාවක් සිටින බවට නිලධාරීන්ට තොරතුරු ලැබී ඇති අතර ඇය පිළිබදව ඇගේ නිවසට ගොස් පරීක්ෂණ පැවැත්වීමේදී හෙළි වී ඇත්තේ ඇය කටාර් රාජ්‍යයේ සිට මේ රටට පැමිණ ඇත්තේ මීට බොහෝ කාලයකට ඉහතදී බවයි.
ඇයගේ පාදයට වැළදුණු රෝගාබාධයක් නිසා ඇය කටාර් රාජ්‍යයේ සිට ඇගේ නිවසට පැමිණ තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS