දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රනිල් ඇතුළු පිරිසට ජන බලවේගයේ දොර තවමත් විවෘතයි - සජිත් කියයි

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්වයට සමගි ජන බලවේගයේ දොර තවමත් විවෘත බව හිටපු විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතා මේ බව පවස...

රනිල් ඇතුළු පිරිසට ජන බලවේගයේ දොර තවමත් විවෘතයි - සජිත් කියයි

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්වයට සමගි ජන බලවේගයේ දොර තවමත් විවෘත බව හිටපු විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව පවසා සිටියේ, ඊයේ (09) ඇතුල්කෝට්ටේ, සමගි ජන බලවේග මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.  

පළාත් පාලන නියෝජි‍න් ඇතුළු සියලු මහජන නියෝජිතයන්ටද සමගි ජන බලවේගය සමග නොබියව එක්වන ලෙස ආරාධනා කරන බවත්, ඔවුන් ගනු ලබන එඩිතර තීරණයේ වගකීම තමන් භාරගන්නා බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

" අපි අපේක්‍ෂා කරනවා ඒකීය ස්වෛරීය දේශයක්. ඒ දේශය තුළ නිර්මල බුදුදහමට මුල් තැන ලබාදෙමින් බුදුදහමේ උසස් ප්‍රතිපත්තීන් හා බුදුන්ගේ දේශනා අනුගමනය කරමින්, සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනයෙන් අපි ගමන් කරනවා.

මේ රටේ ජීවත් වන සෙසු ජාතීන්, සෙසු ආගම්, අපේ රටේ ජනතාව ලෙස එකට එකතු කරගෙන බලගතු මාතෘ භූමියක් නිර්මාණය කිරීමේ ගමනයි මේ යන්නේ. මේ ගමන පිරිසුදු ගමනක්. අපේ ගමනේ ඒකායන අරමුණ දූෂණය වංචාව තුරන් කරලා, පුරවැසියාට මුල්තැන දෙන, දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථික වර්ධනයක් සහිත, සියලු දෙනාට සර්ව සාධාරණ සමාජයක් බිහිකිරීම.

අපි මේ ක්‍රියාත්මක කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය අනුමත කළ වැඩපිළිවෙළ. ඒ අනුමත කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න අපට බලය තියෙනවා. කැපවීම, අධිෂ්ඨානය, දර්ශනය තියෙනවා. මේ වැඩසටහනට හොඳ බුද්ධියකින් කටයුතු කරන කිසිම පුද්ගලයෙක්ට තහංචි පනවන්න බෑ.

මම ආරාධනා කරනවා සෑම සියලු දෙනාටම අපි සමග එක්වන්න කියලා. සමගි ජන බලවේගයේ නෙළුම් පොකුණ රඟහලේ පැවති මූලාරම්භ උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාට මමත් මද්දුමබණ්ඩාර මහතාත් එතුමාගේ නිවසටම ගිහිල්ලයි ආරාධනා කළේ. ඒ ආරාධනය අදටත් වලංගුයි.

කිසිම කෙනෙකුට අපේ පක්‍ෂයේ, අපේ සන්ධානයේ දොර වැහෙන්නේ නෑ. පිරිසුදු දේශපාලන ප්‍රතිපත්ති අනුගමය කරන, ජාතික ආරක්‍ෂාවට මුල් තැන දෙන ඕනෑම කෙනෙකුට අපේ අලුත් ගමනට එකතු වෙන්න පුළුවන්. පළාත් පාලන ක්‍ෂේත්‍රයේ ඕනෑම කෙනෙකුට අපි සමග එකතුවෙන්න පුළුවන්. කිසිම දෙයකට බයවෙන්න එපා. අපි ඔබලාව ආරක්‍ෂා කරනවා. ඒ වගකීම අපි භාරගන්නවා."

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29568,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් ඇතුළු පිරිසට ජන බලවේගයේ දොර තවමත් විවෘතයි - සජිත් කියයි
රනිල් ඇතුළු පිරිසට ජන බලවේගයේ දොර තවමත් විවෘතයි - සජිත් කියයි
http://am.lk/media/k2/items/cache/60848e7154e60ea90616a4ec9457b992_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_741.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_741.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy