රිය අනතුරක් සිදුකර පලා යාමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරයේ පසු වු ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ...
රිය අනතුරක් සිදුකර පලා යාමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරයේ පසු වු ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) නියෝග කර තිඛේ.
රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත සැකකාර කාවිංග පෙරේරා මුදා හැරිමට කඩුවෙල අතිරේ්ක මහේස්ත්‍රාත් දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය. එමෙන්ම බීමතින් රිය පදවා සිදු කළ අනතුරින් මියගිය පුද්ගලයාගේ බිරිදට රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
සැකකාර කාවිංග පෙරේරාගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිඛේ.
පසුගිය 19 වනදා තලවතුගොඩන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු කරමින් සිටි පුද්ගලයෙකු මෙම අනතුරින් මියගොස් තිබුණේය. බීමතින් අධික වේගයන් රිය පදවා ඇති කාවිංග පෙරේරාට සිය රථය පාලනය කර ගැනිමට නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
COMMENTS