රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබෙන කෝවිඩ්-19 යනුවෙන් හැඳින්වෙන මාරාන්තික කොරෝනා වයිරසය ‘ලෝක වසංගතයක්’ බවට පත්වීමේ ‘‘දැඩි...
රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබෙන කෝවිඩ්-19 යනුවෙන් හැඳින්වෙන මාරාන්තික කොරෝනා වයිරසය ‘ලෝක වසංගතයක්’ බවට පත්වීමේ ‘‘දැඩි අවදානමක්’’ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (9) අනතුරු ඇඟවීය.
කෙසේ නමුත් එය පාලනය කළ හැකි බව ද එම සංවිධානය අවධාරණය කරයි.
‘‘කොරෝනා වයිරසය ලෝක වසංගතයක් බවට පත්වීමේ දැඩි අවදානමක් තිබෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.
COMMENTS