හිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට සමඟි ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට නාම යෝජනා දීමට හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල...
හිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට සමඟි ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට නාම යෝජනා දීමට හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විරුද්ධ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ජාවක් තිස්ස අත්තනායක මහතා සහ එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මේ වන විට පැවැත්වෙයි.
තිස්ස අත්තනායක මහතාට මහනුවර දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලබා දුනහොත් තමන් ඇතුළු පිරිසක් එම නාම යෝජනා පත්‍රිකාවට අත්සන් නොකරන බව කිරිඇල්ල මහතා සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබුණු අතර පසුව ඔවුන් එම අදහස් අත්හැර එම නාම යෝජනා ලැයිස්තුවට අත්සන් තබා තිබේ.
තිස්ස අත්තනායක මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වුවහොත් එය තමන්ගේ ජන්ද පදනම් වලට බලපෑමක් වන බව කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.
කිරිඇල්ල මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයේ සිට මිට ටික දිනකට පෙර සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට ඉදිරිපත් විය.
නාම යෝජනා භාර ගැනීම ලබන 19 වනදායින් අවසන් වේ.
COMMENTS