ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අනතුරට පත්වීමේ සිදුවීම නවක වද සිද්ධියක් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අනතුරට පත්වීමේ සිදුවීම නවක වද සිද්ධියක් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.
ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව පැවසීය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ සිදුවීම නවක වද සිදුවීමක් බවට මවා පාමින් රජය විශාල මර්ධනයකට උත්සාහ කරන බවත් ඒ මහතා පැවසීය.
පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙකු අද මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි.
පොලිසිය පවසන්නේ, ඒ අතර අනතුරට හේතු වූ බව කියන ටයරය එවූ සිසුවාද සිටින බවයි.
අනතුරින් හිසට බරපතළ තුවාල ලැබූ පසිඳු තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
COMMENTS