එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් අකිල විරාජ් කාරියවසම් මහතා ඉවත් වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එම ධුර...
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් අකිල විරාජ් කාරියවසම් මහතා ඉවත් වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එම ධුරයෙන් ඉවත් වීම ඇති වී තිබෙන අර්බුධයට විසඳුම බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකයාට දැනුම් දීමට තීරණය කොට තිබේ.
පක්ෂයේ ඇති වී තිබෙන අර්බුධයට හේතුව තමන් නම් තමන් මහ ලේකම් ධුරයෙන් ඉවත් වීමට සුදානම් බව අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ නායකත්වයට දැනුම් වී තිබේ.
පක්ෂ නායකත්වය තමන්ට දීමට නොහැකි නම් එය කරූ ජයසුරිය මහතාට ලබා දීම සම්බන්ධයෙන් තමාගේ කිසිම විරෝධතාවයක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකයාට දැනුම් දීමට නියමිතය. ඇති වී තිබෙන අර්බුධය මත මේ වන විට එජාපය දෙකඩ වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරමින් තිබේ.
COMMENTS