හි ටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පලනි සත්‍යවේල් මහතා හා ආරමුගන් තොණ්ඩමන් මහතා අතර ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ. එම ගැටුමට හේතුවී ඇත්තේ එ...
හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පලනි සත්‍යවේල් මහතා හා ආරමුගන් තොණ්ඩමන් මහතා අතර ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ.
එම ගැටුමට හේතුවී ඇත්තේ එලඹෙන මහ මැතිවරණයේදී ලංකා කම්කරු කොන්ග්‍රසය (කුකුළා) ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සංන්ධානය යටතේ (පොහොට්ටුව) තරග කිරීමට තීරණය කිරීමෙන් පසුව සත්‍යවේල් මහතාට අපේක්ෂකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසාය.
කෙසේවුවද, මේවන විට ඇතිව ඇති තත්ත්වය මත සත්‍යවේල් මහතාට අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට තොණ්ඩමන් මහතා එකඟවී ඇති අතර අපේක්ෂකත්වය නොලැබුණහොත් සත්‍යවේල් මහතා වෙනත් පක්ෂයකින් හෝ ස්වාධීනව තරග වැඳීමට තීරණය කර ඇතැයි ද පැවසේ.
එලඹෙන මහ මැතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ දිස්ත්‍රික්ක තුනකට තරග කිරිමට එම පක්ෂය තිරණය කර ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් එම පක්ෂයේ සභාපති සහ මහ ලේකම් ආරුමුගන් තොණ්ඩමන්, එම පක්ෂයේ ජෙෂ්ඨ උප සභාපති මරදපාණ්ඩි රමේෂ්වරන් සහ එම පක්ෂයේ ජෙෂ්ඨ උප සභාපති නිතිඥය එස්.රාජතුරෙයි යන අයත්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් එම පක්ෂයේ ජෙෂ්ඨ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් එම පක්ෂයේ භාරත් අරුල්සාමි යන අය මහ මැතිවරණය සදහා ඉදිරිපත් කිරිමට එම පක්ෂය තිරණය කර ඇති බව පැවසේ.
නාම යෝජනා භාරදිමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරිමට එම පක්ෂය තීරණය කර ඇති බව පැවසේ.

COMMENTS