දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපි කියන විදිහට ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න
Homeදේශපාලන

අපි කියන විදිහට ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න

PropellerAds

ඉරානය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන්  622 ක් නීරෝධායන කටයුතු සදහා පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද...

අපි කියන විදිහට ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න
ඉරානය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන්  622 ක් නීරෝධායන කටයුතු සදහා පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමු කර ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. ඔවුන් එම ස්ථාන වෙත රැගෙන යෑම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සුඛෝපභෝගී බස් රථ 25 ක් සහ ඔවුන්ගේ ගමන් මලු ප්‍රවාහනයට තවත් වෑන් රථ 05 ක් පමණ ද යොදාගෙන තිබුණි .

කෙසේ වෙතත් අද රාත්‍රී 8.00 පමණ වනවිටත් මෙම රටවලින් පැමිණි ගුවන් මගීන් 50 ක පමණ පිරිසක් , තමන් මෙම නීරෝධායන ක්‍රියාවලියට යොමු නොකර ගන්නා ලෙසත් , තමන්ට කඩිනමින් තම නිවෙස් කරා යෑමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලීම් කරමින් , ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලිල්ල තුළ විරෝධතා පවත්වමින් සිටින බවද ගුවන් තොටුපළ අධ්‍යක්ෂ ෂෙහාන් මහතා පැවසීය.

මේ අතර හමුදා මාධ්‍ය ප්‍රකාශක  බ්‍රිගේඩියර්  චන්දන වික්‍රමසිංහ මහතා ඊයේ (11) පවසා සිටියේ කොරෝනා වෛරසයෙන්  මහජනයා  ආරක්ෂා කර ගැනීමට  ශ්‍රී ලංකිකයන් වශයෙන්  සියලුම දෙනා රජයට සහය ලබා දිය යුතු බවත් රටතුළ  සිදුකරන  නිරෝධායන  කටයුතු සඳහා සහය ලබා නොදෙන පිරිසට නැවතත් ඔවුන් පැමිණි රටවලට ආපසු යා හැකි බවත්ය. කොල්ලුපිටිය ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (11)  පැවති  විශේෂ මාධ්‍ය හමුවකදී හමුදා ප්‍රකාශකවරයා එසේ පැවසීය.

රටේ මිලියන 21 ක් වූ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම හා ජාතික ආරක්ෂාවේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත පැවරී ඇති බවත් මෙවැනි අවස්ථාවක රජයේ   නිරෝධායන  ක්‍රියාවලියට සහය  නොදක්වන පිරිසට  එරෙහිව කටයුතු කිරීමට  නීතිමය ප්‍රතිපාදනය ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඉරානය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් , මෙම රෝගය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා අනිවාර්යයෙන් දින 14 ක කාළයක් නීරෝධායන ක්‍රියාවලියකට ලක් කළ යුතු බවට රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.  මේ පිළිබඳව අදාළ ආයතන සහ විශේෂයෙන් කටුනායක ගුවන් තොටුපළ දැනුවත් කර ඇති බව ගුවන් තොටුපළ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය .
 

කෙසේ වෙතත් මේ පිළිබඳව මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන තෙක්ම , මෙම නීරෝධායන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් වී නොතිබීම නිසා , මෙවැනි ගැටුම්කාරී තත්වයක් කටුනායක ගුවන් තොටුපළ තුළ නිර්මාණය වී ඇති බව ද ෂෙහාන් සුමනසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

දැනට භාවිතා කෙරෙන ක්‍රියාවලිය මගින් ගුවන් මගීන් මෙම රෝගය ආසාදනය වී ඇත් ද යන්න අනාවරණය වන අතර , ඔවුන්ගේ දරු පවුල් සහ සමස්ථ රටේ ජනතාව ද මෙම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වන බවද සුමනසේකර මහතා  වැඩිදුරටත් පැවසීය .

විදේශීය ශ්‍රමිකයන් මෙරටට  පැමිණෙන්නේ නම් ශ්‍රී ලංකාවේ නීතියට අනුව කටයුතු කළ යුතු බවත් මෙම පිරිස  බලා ගැනීමේ  වගකීම  තමන්ට ඇති බවත් පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා  ඔවුන් අතරින් කිසිවකුට හෝ කොරෝනා වෛරසය ශරීරගත වී තිබුණ හොත් එය රට තුළට ව්‍යාප්ත වීම වළක්වා  ගැනීමට  අවශ්‍ය නිසා  එම සියලු දෙනා දින 14 ක  නිරෝධයනයට  යොමු කිරීමකළ යුතු  බවත්  සඳහන් කළේය.

මඩකලපුව පුනානි හා කන්දකාඩු  නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටින පිරිසට රජය ලබාදියහැකි  උපරිම පහසුකම් ලබා දී ඇති බවත් හමුදා ප්‍රකාශවරයා  සඳහන් කළේය. ශ්‍රි ලංකාවට පැමිණ මෙම පිරිස පුනානි හා කන්දකාඩු    මධ්‍යස්ථාන හැර වෙනත් කිසිඳු මධ්‍යස්ථානයක රඳවා නොමැති බවද ප්‍රකාශකවරයා පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපි කියන විදිහට ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න
අපි කියන විදිහට ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න
http://am.lk/media/k2/items/cache/223a8a1849ec6007bd37a2e6eae88af0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_379.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_379.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy