මිගමුව ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියක් විනාශකොට ක්‍රීඩා පිටියක් ඉදිකිරිම සදහා රජයේ වනාන්තර භූමියක් නිදහස් කරන ලෙස බලපෑම් කල ධීවර රාජ්‍ය අමා...
මිගමුව ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියක් විනාශකොට ක්‍රීඩා පිටියක් ඉදිකිරිම සදහා රජයේ වනාන්තර භූමියක් නිදහස් කරන ලෙස බලපෑම් කල ධීවර රාජ්‍ය අමාත්‍යය සනත් නිශාන්ත පෙරේරා මහතාට තම අනුවණ, තීරණ රාජ්‍යය නිලධාරිනියක ඉදිරියේ පසුගියදා හකුලා ගැනීමට සිදු විය.
ගම්පහ අඩවි වන නිලධාරීනිය වන දේවානි ජයතිලක මහත්මිය සෘජු තීරණ ගන්නා දේශපාලනඥයින් හෝ දේශපාලන හෙන්චයියන් ඉදිරියේ හිස නොනමන නීතිය අනුව තම රාජකාරි කටයුතු කරන ප්‍රකට රාජ්‍ය නිලධාරියකි.
ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් යයි කියා ගන්නා ඇමතිවරයාට සම්බන්ධ චන්ඩින් කිහිපදෙනෙකු හා සනත් නිශාන්ත ඇමතිවරයා දිගින් දිගටම මේ වනාන්තර පද්ධතිය තමාගේ ජාවාරම් කටයුතු සදහා වෙන්කරවා ගැනුමට උත්සහ දැරුවත් අදාල නිලධාරිනිය කොන්ද කෙලින් තබාගෙන කිසිසේත්ම තමාට නීතියට පිටින් වැඩ නොකළ හැකි බව ප්‍රකාශ කොට සිටියහ.
සනත් නිශාන්ත මහතා නියෝජනය කරන්නේ පුත්තලම දිස්ත්‍රික්කයයි.
ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසර පද්ධතිය ගැන හා රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සංවර්ධන කමිටුවල දී පළ කරන ලද අදහස් සහිත සම්පූර්ණ වීඩියෝ පහතින්,
COMMENTS