“ග්‍රාම සේවා මට්ටමින් ආණ්ඩුව රැකියාවක් දෙනවා කියනවා. මේ රැකියා දෙන්නේ අදියර දෙකකින් කියලත් ආණ්ඩුව කියනවා. ඒ කියන්නේ ඡන්දෙන් පස්සේ තමයි ඉති...
“ග්‍රාම සේවා මට්ටමින් ආණ්ඩුව රැකියාවක් දෙනවා කියනවා. මේ රැකියා දෙන්නේ අදියර දෙකකින් කියලත් ආණ්ඩුව කියනවා. ඒ කියන්නේ ඡන්දෙන් පස්සේ තමයි ඉතිරි කොටස දෙන්නේ. නමුත් ඉල්ලුම්පත් කලින් ගන්නවා. ලක්ෂයකට රැකියා දෙන වැඩේ ප්‍රෝඩාවක්” යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පැවසීය.
කෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (10) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙසේ කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීය.
“ආණ්ඩුව සමෘද්ධි පවුල්වලින් තෝරාගත් තරුණ පිරිසකට රජයේ රැකියා ලබාදෙනවා කියලා කියනවා. මුලින් ලක්ෂයකටයි දෙනවා කියලත් කියනවා. තෝරන්නේ ග්‍රාමසේවක ග්‍රාමස සේවා වසම් මට්ටමින් තෝරාගන්නා අයට හමුදා පුහුණුවක් දෙනවලු. එහෙම කරන්නේ ඇයි කියලා කියන්න ඕනෑ.
මේ අය කඳවුරුවලදී ලබන පුහුණුවකින් පසු රැකියා දෙනවා කියලත් කියනවා. මේ වැඩෙන් කොටසකට සමෘද්ධි අහිමිවෙනවා රැකියාව දුන් පසු සමෘද්ධිය නෑ, ග්‍රාම සේවා වසම් 14,000කට වැඩිය රටේ තිබෙනවා. කීදෙනෙකුට රැකියා දෙන්න පුලුවන්ද කියලා ගණන් හදලා බලන්න. මේ දෙන්නේ සාමාන්‍ය කම්කරු රැකියා. දෙන වැටුප ප්‍රමාණවත් නැහැ. අදියර දෙකකින් රැකියා දෙනවා කිව්වට එක් අදියරක් ක්‍රියාත්මක වෙන්නේ ඡන්දෙන් පස්සේ. ඡන්දෙට කලින් දෙන්න බැරි නම් ඇයි කියලා මම අහනවා. මේ ක්‍රියාව ප්‍රෝඩාවක්. දුම්රිය මාර්ග දෙපස ගස් කපන කම්පකරු රැකියා ලබාදෙන්න යනවා. ඡන්දය දුන්නොත් ඉතිරි කොටසට ලැබෙනවා වගේ කතාවක් තමයි අපිට නම් ඇහෙන්නේ. මේ ආණ්ඩුව ජනතාව රවට්ටන්න හදනවා. මේවට අහුවෙනවද කියලා කල්පනා කරලා බලන්න” යැයිද කීය.
COMMENTS