දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මා තාම පදින්නේ චමල් පැද්ද වාහන.. අදින්න චමල් ඇන්ද නිල කබාය - කථානායක
Homeප්‍රවෘත්ති

මා තාම පදින්නේ චමල් පැද්ද වාහන.. අදින්න චමල් ඇන්ද නිල කබාය - කථානායක

PropellerAds

ක ථානායක ධුරයේ ගතකළ වසර 05 තුළ හෝ දේශපාලනයට පිවිසි දා සිට කිසිම දිනෙක රජයේ මුදලින් තමා වෙනුවෙන් නිල රථ අළුතින් මිල දී ගෙන නොමැති බවද ජනතා ම...

කංජිපානිට රටින් පනින්න විදෙස් ඔත්තුකරුවන් සහයදීලා!
ජනපති හදිසි තීන්දුවක් ගනී! හිටපු ජනපතිවරු සියල්ල කැඳවයි! පක්ෂ නායකයින්ටත් ආරාධනා!
85 වැනි වියේ සිටින ෆවුසි, නැවතත් පාර්ලිමේන්තුවට!
ථානායක ධුරයේ ගතකළ වසර 05 තුළ හෝ දේශපාලනයට පිවිසි දා සිට කිසිම දිනෙක රජයේ මුදලින් තමා වෙනුවෙන් නිල රථ අළුතින් මිල දී ගෙන නොමැති බවද ජනතා මුදල් ආරක්ෂා කළ මහජන සේවකයෙකු ලෙස ආපසු හැරී බැලීමේ දී අව්‍යාජ සතුටක් ලැබිය හැකි බව ද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
ගෙවුණු වසර 05 තුළ පක්ෂ දේශපාලනයෙන් අත්මිදී කටයුතු කළ තමා 2015 වසරෙන් පසු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පය නොතැබූ නමුත් යුතුකමක් වශයෙන් සළකා සමගිව ඉදිරියට යාමේ වැදගත්කම එක්සත්ජාතික පක්ෂයේ නායකයාට සහ නියෝජ්‍ය නායකයාට පැහැදිළි කර දුන් බවද ජාතික වශයෙන් වැදගත් පොදු ප්‍රශ්ණ වලදී පක්ෂ බේද නොතකා පොදු හැඟීමකින් කටයුතු කරන ලෙස රටේ සියළු පක්ෂ වල නායක කාරකාදීන්ගෙන් ඉල්ලා සිටි බවද කථානායකවරයා කීය.

තව සති කිහිපයකින් තමන් කථානායක ධුරයට සමු දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමයේ ගෞරවය ආරක්ෂා කිරීමට දුන් දායකත්වය පිළිබඳව තෘප්තිමත් හැඟීමකින් බවද හෙතෙම සඳහන් කළේය.

දේශපාලනයට පැමිණි දින සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකි වූ බව තමා හෘද සාක්ෂියට එකඟව විශ්වාස කරන බව ද කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

කථානායක කරු ජයසූරිය මහතා මෙම අදහස් පළ කලේ ගෙවුණු මහා නාහිමිවරුන් බැහැදකිමින් සිය චරිතාපදාන කෘතිය පිළිගන්වමිනි. කථානායකවරයා මල්වතු මහා විහාරයේ දී ශ්‍යම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමිපාණන් වහන්සේ මුලින්ම බැහැදැකීය.

ඉන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි මහානායක මාහිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක හිමියන් ද හමු වූ හෙතෙම කථානායක ධුරය දැරූ වසර 05 ක කාළය තුළ ඉතා බැරෑරුම් අවස්ථාවන්හිදී තමාට නිරන්තරයෙන් අවවාද අනුශාසනා දෙමින් මඟපෙන්වීම පිළිබඳව කෘතඥතාවය පලකළේය

මල්වතු මහා විහාරයේ දී කථානායකවරයා මල්වතු පාර්ශවයේ අනුනායක ස්වාමින්වහන්සේලා ද හමුවී ආශිර්වාද ලබාගත්තේය.

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේ බැහැ දැකීම ද සිදුවිය.

මහානාහිමිපාණන් වහන්සේලා හමුවේ අදහස් දැක් වූ කථානායකවරයා පැවසූයේ නිදහස ලබා 72 වසරක ඇවෑමෙන් බලන කළ එදා ශ්‍රී ලංකාවට බොහෝ පිටුපසින් සිටි රටවලට වඩා අප රට ආර්ථික වශයෙන් පසුපසින් සිටින බවය.

මේ සඳහා ප්‍රධාන වශයෙන්ම අසමගිකම්, බලපෑ බව විශ්වාස කරන බවත් පොදු ජාතික න්‍යායපත්‍රයක් ඔස්සේ කිසිදු බේදයකින් තොරව සමස්ත රට වැසියන් ඒකරාශී කිරීමෙන් තොරව අනාගත අභියෝග ජයගත නොහැකි වනු ඇතැයි තම විශ්වාසය බවත් හෙතෙම පැවසීය.

“මා දේශපාලනයට පැමිණ අළුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටියා. පෝස්ටර් කටවුට් බැනර් පොලිතින් හා චරිත ඝාතන වලින් තොර දේශපාලනයක් අරඹන්නට මට හැකිවුණා. සමහරු කීවේ එය ඉතා දුෂ්කර මාර්ගයක් බවයි. නමුත් ජනතාව එය වැළඳගත්තා. කොළඹ නගර සභාවේ ගමන සියළු පක්ෂ වල අදස් වලට ගරු කරමින් කණ්ඩායමක් ලෙස වැඩ කරමින් ඉදිරියට යන්නට පුළුවන් වුණා. නමුත් ජාතික දේශපාලනයේ දී අපට එම ආදර්ශය දීමට අපහසු වූ බව පිළිගත යුතුයි. එයට ප්‍රධාන හේතුව සමාජ වගකීමකින් තොර විශම චරිත ගණනාවක් මහජන ඡන්දයෙන් පත්වන තත්වයක් නිර්මාණය වී තිබීමයි. මා ජනතාවට ආයාචනය කරනවා ඉදිරි කාළයේ දී ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කළ හැකි යහපත් මිනිසුන් සිය නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට තෝරා එවන ලෙස.”

වි‍ශේෂයෙන්ම ඉදිරියේ දී යළිත් ජාතික ආගමික අසමගියක් ඇති නොවීම සඳහා පාර්ලිමේන්තුවෙන් විශේෂ කාරකසභාවක් බිහි කර දියවන්නා සම්මුතිය තුළින් දමා ඇති ශක්තිමත් පදනම ඉදිරියට ගෙන යන ලෙස අනාගතයේ පත්වන කථානායකතුමන් ෙගන් සහ සියළු මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලාසිටින බව ද කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

කථානායකවරයාට ආශිර්වාද කළ මහානාහිමිපාණන් වහන්සේලා කිසිඳු දේශපාලන බේදයකින් තොරව රටට හිතැති නිර්ව්‍යාජ නායකයෙකු ලෙස කරු ජයසුරිය මහතා කෙරෙහි තමන් වහන්සේලා තුළ විශාල පැහැදීමක් පවතින බවයි.

දේශපාලනය පසෙකලා යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේ දී තමන්වහන්සේලාගේ මගපෙන්වීම අනුව එවක පැවති රජයට සීමිත කාළයකට හෝ සහය ලබා දීම තුළින් වැදගත් ජාතික යුතුකමක් කරු ජයසුරිය මැතිතුමා විසින් ඉටු කළ බව ද මෙහි දී මල්වතු මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියෝ සඳහන් කළහ.

අස්ගිරි මහනාහිමියෝ සඳහන් කළේ අනාගත පරපුරට ආදර්ශමත් දේශපාලනඥයෙකු ලෙස කරු ජයසූරිය චරිතාපදානය අධ්‍යනය කළ හැකිවනු ඇති බවයි.

ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක හිමියන් සඳහන් කළේ සමබර නොසැලෙන පුද්ගලයෙකු වන කරු ජයසූරිය මහතාට නිවරදි පුද්ගලයන් දේශපාලනයට එවන ලෙස ඉල්ලාසිටීමට සුවිශේෂී අයිතියක් පවතින බවයි.

කිසිවිටෙක වචන වලට පමණක් සීමා නොවන ගුණගරුක මහත්මයෙකු වශයෙන් තවදුරටත් රටට සේවය කිරීමට කැප වන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේ කථානායකවරයා ෙගන් ඉල්ලා සිටියහ.

– කතානායක මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මා තාම පදින්නේ චමල් පැද්ද වාහන.. අදින්න චමල් ඇන්ද නිල කබාය - කථානායක
මා තාම පදින්නේ චමල් පැද්ද වාහන.. අදින්න චමල් ඇන්ද නිල කබාය - කථානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJxs6WbJpmuAuVpSwUC4QBsi29ON_92DE-brGD5yt3Oq-NqjIsRJY8HNlOhcxwRZ6awlkAKqgTv1dwTJihlMPVU_6NGDEOhrk939OhXlnedWXq4E-l0QjHQSAIZTZRhUzQPCnV0RjgGaMm/s320/karu-jayasuriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJxs6WbJpmuAuVpSwUC4QBsi29ON_92DE-brGD5yt3Oq-NqjIsRJY8HNlOhcxwRZ6awlkAKqgTv1dwTJihlMPVU_6NGDEOhrk939OhXlnedWXq4E-l0QjHQSAIZTZRhUzQPCnV0RjgGaMm/s72-c/karu-jayasuriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_356.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_356.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy