අ ද වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර සීතල යුද්ධයක් ඇති වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්...
අද වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර සීතල යුද්ධයක් ඇති වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.
එනිසා ජනාධිපතිවරයාගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව පෙනී යන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
රටේ යහපත් වෙනසක් බලාපොරොත්තුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවූ ජනතාවගේ බලාපොරොත්තු මේ වන විට කඩ වී ඇති බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රජයේ ආයතන වලට ඉහළ තනතුරු සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විද්වත් කමිටුව පසෙක තබා අද වන විට පවුලේ ඥාතීන් ඇතුළු හිතමිතුරන් පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු පැවසීය.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් පැත්තකට විසිකර නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය සහ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්ද ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු පිරිනමා ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

COMMENTS