අ ධිකරණ කටයුතුවලට බලපෑම් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් යයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. එම ...
අධිකරණ කටයුතුවලට බලපෑම් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් යයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.
එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
රන්ජන් නඩු ගණනාවක් පිළිබඳ විනිසුරුවරුන්ට බලපෑම් කර තිබෙන බව හඬපට හරහා ඔප්පු වෙනවා. ඒ වගේම පොලිසියට බලපෑම් කරන ආකාරයත් හඬ පට ගණනාවකින්ම තහවුරු වී තියෙනවා. අධිකරණයේ රාජකාරි කරන නිලධාරීන්ට බලපෑම් කරන හඬ පටයකුත් ඊයේ වන විට එලියට ආවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ වගන්තිය අනුව අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. වසරක සිර දඬුවමක් සහ දඩයක් ඒ සඳහා නියම කළ හැකියි. ඒ වගේම වසර හතකට ප්‍රජා අයිතිය තහනම් කිරීමත් කළ හැකියි.
ඊට අමතරව වඩාත් සංවේදි කාරණය වන්නේ බුදුන් වහන්සේට යශෝධරා රහත් තෙරණියට වගේම මරියතුමියට අපහාස කිරීමයි. බෞද්ධයෙකු නොවී බුදුන් වහන්සේට බරපතල අපහාසයක් කිරීම ආගමික ගැටුමකට තුඩු දෙන කාරණයක්. බෞද්ධයන් කුපිත කරවන වැඩක්. ලංකාව හින්දා හොඳයි. අරාබි රටක වුණා නම් මෙලහකටත් රන්ජන්ව කැරළිකරුවන් විසින් මරා දාලා හමාරයි. ශ්‍රී ලංකාවේ අත්සන් තබා නීතිගත කර තිබෙන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥාප්ති පනත අනුව ආගමික ගැටුම් ඇතිවන ආකාරයේ ජනතාව කුපිත කිරීම් ඇති කරන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම බරපතල වරදක්. ඒ සඳහා අත්අඩංගුවට ගත් විට මහෙස්ත්‍රාත්වරයෙකුට ඇප දෙන්න බෑ.
මහාධිකරණයෙන් ඇප ලබා දෙන තුරු රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න ඕනෑ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේ ඒ නීතිය යටතේ අත්අඩංගුවට ගත්තා සරල ප්‍රකාශයක් සිද්ධ කරලා. එහෙමනම් රංජන් රාමනායකත් එම නීතිය යටතේ අත්අඩංගුවට ගත යුතුයි. ඒ නිසා වහාම රන්ජන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියා අපි බලධාරින්ගෙන් ඉල්ලනවා.
රන්ජන් පෞද්ගලිකව කළ දුරකතන සාකච්ඡාවක් ප්‍රසිද්ධ වීම නිසා ප්‍රසිද්ධ කළ අය මිස රන්ජන් වග කියන්න ඕනෑ නෑ කියා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් ඩයිනමයිට් වැනි සංවේදි දුරකතන සංවාදයක් පටිගත කළා නම් එය සුරැකිව තබා ගැනීම රන්ජන්ගේ වගකීමක්. එය පිටතට ගියේ රන්ජන්ගේ නොසැලකිල්ලෙන් නිසා ඔහු එයට වගකිව යුතුයි.ඒ නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි.
– අරවින්ද අතුකෝරල

COMMENTS