පාර්ලිමේතු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට එළියට ඒමත් සමඟ එක්සත් ජාතික පක්ෂය උපරිම පහත් තත්ත්වයකට පත් වී ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය...
පාර්ලිමේතු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට එළියට ඒමත් සමඟ එක්සත් ජාතික පක්ෂය උපරිම පහත් තත්ත්වයකට පත් වී ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සූදානමින් සිටින ඒ. එල්. එම්. ෆාරිස් මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය මහනුවර ප්‍රදේශයේදී විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද මහතා එසේ කිය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"රන්ජන් රාමනායක මහත්තයගේ සීඩී වල කතා එක් ලක්ෂ විසි එක්දාහක් තියෙනවා. රන්ජන් රාමනායක මහත්තයා විතරක් නෙවෙයි මේක පිටිපස්සේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. සරත් ෆොන්සේකා මහත්තයා, චම්පික රණවක මහත්තයා අජිත් පෙරේරා මහත්තයා මේකේ ඉන්නවා. මේකේ ඉන්නවා නීතිපතිලා පොලිස්පතිලා. මේ ඔක්කොට එකතු වෙලා රන්ජන් රාමනායක මහත්තයව පාවිච්චි කරලා මේ ඔක්කොම කළා.මේ කරපු නින්දිත පහත් වැඩේ නිසා අද මේ රටේ අධිකරණ කෙෂ්ත්‍රය ගැනම මිනිස්සු කතා කරනවා. හෙට අනිද්දා වන විට හොඳ හොඳ සෙල්ලම් අහගන්න පුළුවන්. හඩ පට එක්ලක්ෂ විසි එක් දහසින් තවමත් එළියට ඇවිත් තියෙන්නේ හයයි තව එහෙම්මම තියෙනවා. තව මාස හතරකුත් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ඉවරයි."
COMMENTS