පවතින අන පනත් හා ව්‍යවස්ථා සංශෝධන වල ඇති ගැටළු නිවැරදි කරවීම සඳහා වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා න...
පවතින අන පනත් හා ව්‍යවස්ථා සංශෝධන වල ඇති ගැටළු නිවැරදි කරවීම සඳහා වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.
"එක්සත් ජාතික පක්ෂය පසුගිය මැතිවරණ පරාජයෙන් පසුව තවදුරටත් අපි ලබන බලය ගැන විචාරය කරන්න අවස්ථාවක් නෑ. දැන් තියෙන්නේ අපි ගැන නෙවේ ඔවුන්ගේ පරාජය ගැන විචාරය කරන්න. අපේ 3න් 2 හදා ගැනීමේ වගකීම අපි සතුයි, අපිට එය පුළුවන් නිසා තමයි පසුගිය මැතිවරණය ජයග්‍රහණය කළේ. එ.ජා.ප.ය මහ මැතිවරණයේ දී අන්ත පරාජයකට පත්වෙනවා."
COMMENTS