දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෞද්දයන්ගෙන් බලයට ආ ආණ්ඩුව යන පාර හරි නෑ.. ඉස්ලාම් හා කි‍්‍රස්තියානි ආක‍්‍රමණය එන්න එන්නම වැඩි වෙනවා.. බෞද්දයන්ට තුන්වෙනි බලවේගයක් හදන්න ඕනෑ - ඥාණසාර හිමි
Homeප්‍රවෘත්ති

බෞද්දයන්ගෙන් බලයට ආ ආණ්ඩුව යන පාර හරි නෑ.. ඉස්ලාම් හා කි‍්‍රස්තියානි ආක‍්‍රමණය එන්න එන්නම වැඩි වෙනවා.. බෞද්දයන්ට තුන්වෙනි බලවේගයක් හදන්න ඕනෑ - ඥාණසාර හිමි

PropellerAds

බෞද්ධ බලයෙන් බලයට පැමිණි වත්මන් රජය යනපොට හරි නැතැයි බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියෝ සඳහන් කළහ. ඒ නිසා බොදු බලය රැකීම සඳහා ත...

වෙනත් රටක හමුදා කඳවුරකට ලංකාවේ ඉඩක් නෑ – අගමැති රනිල්
දේශපාලන ලැයිස්තුවලට ගුරු විදුහල්පතිවරු එරෙහි වෙති
නිව්යෝර්ක් ටයිම්ස් චෝදනා මහින්ද ප්‍රතික්ෂේප කරයි
බෞද්ධ බලයෙන් බලයට පැමිණි වත්මන් රජය යනපොට හරි නැතැයි බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියෝ සඳහන් කළහ.

ඒ නිසා බොදු බලය රැකීම සඳහා තෙවන බලවේගයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මතුවෙමින් ඇති බවත් කී උන්වන්සේ මද්‍රසා පාසල් නීතිගත කිරීම සම්බන්ධයෙන් රජය ඉක්මන් තීරණ නොගත යුතු බවත් අවධාරණය කළහ.
මහලේකම් හිමියන් එම අදහස් පළ කළේ නාවල පාර රාජගිරියේ පිහිටි ශී‍්‍ර සද්ධර්මරාජික විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිමියෝ මෙසේද කියා සිටියහ.

අප සංවිධානය ‘සංඝානුභාවනා’ නමින් පෙබරවාරි මස 22 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියස සිවුරු 60000 ක් පූජා කිරීමේ මහා පුණ්‍ය කර්මයක් සිදුකරනවා. එම ජාතියේ චීවර පූජාව තුළ අප සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ රට තුළ ඇති සැබෑ තත්ත්වයයි.

ඇත්තෙන්ම ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල වාසය කරන අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ජනතාව මුහුණදී ඇති කුරිරු අත්දැකීම් ඇතැම් ඒවා හෙළි කිරීමටත් නොහැකියි. ඒ වගේම ඉස්ලාම් හා කි‍්‍රස්තියානි ආක‍්‍රමණය එන්න එන්නම වැඩි වෙනවා. අපේ මිනිසුන් සංස්කෘතික ආක‍්‍රමණයෙන් ගලවා ගැනීම සඳහායි අපි මේ ජාතීයේ චීවර පූජාව සිදු කරන්නේ.

මෙම වැඩපිළිවෙළට බොහෝ අය භියවී සිටිනවා. අපි මේ තුළින් දේශපාලනඥයන්ට බලපෑමක් කරාවි යැයි ඇතැමුන් සිතනවා. මේ තත්ත්වය තේරුම් ගෙන අපට සහය දෙන මෙන් අපි සියලූ මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඇත්තෙන්ම අපට මාධ්‍යයන් භාවිතා කිරීමට තිබුණේ සමාජ මාධ්‍ය පමණයි. නමුත් එයත් අපට දැන් නැතිවෙලා තිබෙනවා. මොනයම් හෝ ‘පෝස්ට්’ එකක් දාපු ගමන් ‘බ්ලොක්’ වෙනවා. ඒ නිසා අපට සහය දෙනමෙන් ඉල්ලා සිටිනවා.

මේ ආණ්ඩුව යන පොට හරි නැහැ. මූලධර්මවාදී බලවේගයන්ට ඕන ලෙස ආණ්ඩුව හැසිරෙමින් ඉන්නවා. ඒ නිසා අප තෙවන බලවේගයක් හැදිය යුතුයි. අපේ අපේක්‍ෂාවන් මුදුන්පමුණුවා ගන්න අපි කටයුතු කළ යුතුයි. මේ ආණ්ඩුව හරි මඟ නොගියහොත් අපට නැවත සංවිධානය වෙන්න සිදුවෙනවා. දැන් ඔක්කොම හරි කියලා බලාගෙන ඉන්න බැහැ.

මේ කාටවත් ඕන ඕන විදිහට හුරතල් වෙවි නටන්න අපි ඉඩ දෙන්නේ නැහැ. තෙවන බලවේගයක් ගොඩනඟන බව රට හමුවේ කියන්න ඕන.

ජනාධිපති හා අගමැතිවරයාට අපි කියන්නේ මද්‍රසා සම්බන්ධයෙන් නොදන්න මඟුල් කරන්න යන්න එපා කියලයි. ජාතිවාදී වැඩපිළිවෙළ තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළට යොදාගෙන නිකන් නාස්ති වෙන්න එපා යැයි අපි කියනවා. ඔවුන් වටේ ඉන්න ඇතැම් ස්වාමීන් වහන්සේලා ඇත්ත ප‍්‍රශ්නය දන්නෙත් නැහැ. දන්න අයට ළංවෙන්න දෙන්නෙත් නැහැ. අපි මේ ඉස්ලාම් කි‍්‍රස්තියානි අන්තවාදය ගැන වසර 20 ක් තිස්සේ අධ්‍යයනය කර තිබෙනවා.

අන්තවාදීන් කරගෙන පැමිණි වැඩපිළිවෙළ තවමත් කි‍්‍රයාත්මකයි. දෙමටගොඩ සිට වැල්ලම්පිටිය දක්වා මද්‍රසා පාසල් 46 ක් තිබෙනවා. එක එක මතවාදවලට අනුව පුංචි දරුවන් හදනවා. ගෙවල්වල කරන මද්‍රසා තහනම් කළ යුතුයි. මරාගෙන මැරෙන පුංචි පුංචි අංකුර හදන්න දෙන්න බැහැ.

මද්‍රසා පාසල් සම්මත කිරීම කලබලයෙන් කළ යුතු දේවල් නෙමෙයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමේ ප‍්‍රමාදය ගැන අපට ප‍්‍රශ්නයක් තිබෙනවා. අපි නිහඬවෙලා බලන් ඉන්නේ කට්ටිය කාගේ පදයට නටනවාද කියලයි. මහ මැතිවරණයට කලින් පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන රජය ජාතියේ යුතුකම ඉටුකළ යුතුයි.

සමාජ ජාලාවල හඬ පට වාරණය කළ යුතුයි. රන්ජන්ව එක්කෝ අත්අඩංගුවට ගත යුතුයි. නැත්නම් අංගොඩට යැවිය යුතුයි. අපි නම් මේ ගැරඬි සමග කතා කර නැහැ. නමුත් ඔහු සමඟ කතා කළ මිනිසුන්ගේ ගෞරවය ආරක්‍ෂා කිරීමට රජය කටයුතු කළ යුතුයි. කුණුහරුප පෙන්වන්න සමාජ මාධ්‍ය කටයුතු කරද්දී අපගේ දේවල් බ්ලොක් කරනවා. අපි මෙය වාරණය කරන්න කියන්නේ ඔවුන්ගේ කුණුහරුප රටේ මිනිස්සු පොඩි ළමයි ශ‍්‍රවණය නොකළ යුතු නිසයි.

– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෞද්දයන්ගෙන් බලයට ආ ආණ්ඩුව යන පාර හරි නෑ.. ඉස්ලාම් හා කි‍්‍රස්තියානි ආක‍්‍රමණය එන්න එන්නම වැඩි වෙනවා.. බෞද්දයන්ට තුන්වෙනි බලවේගයක් හදන්න ඕනෑ - ඥාණසාර හිමි
බෞද්දයන්ගෙන් බලයට ආ ආණ්ඩුව යන පාර හරි නෑ.. ඉස්ලාම් හා කි‍්‍රස්තියානි ආක‍්‍රමණය එන්න එන්නම වැඩි වෙනවා.. බෞද්දයන්ට තුන්වෙනි බලවේගයක් හදන්න ඕනෑ - ඥාණසාර හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-csDAWUV0P5WNnDfLU3YtNbGzMbvC9GNyWDjIOAya5vXopis0TCSJkVfqKkgl8vLbJfQt5FtIys9KcR0MZewpd259I31K1EJpnxRuGSS0S4iweiRo61_tBY3f0DVTUg0i-syLhG1F9QyX/s320/gnanasara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-csDAWUV0P5WNnDfLU3YtNbGzMbvC9GNyWDjIOAya5vXopis0TCSJkVfqKkgl8vLbJfQt5FtIys9KcR0MZewpd259I31K1EJpnxRuGSS0S4iweiRo61_tBY3f0DVTUg0i-syLhG1F9QyX/s72-c/gnanasara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_282.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_282.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy