එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. එක්සත් ...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්විය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ පැවසීය.
“විශේෂයෙන්ම අද බොහෝ දෙනාගේ අදහස වුණේ පක්ෂයේ සියලු දෙනා එකට එකතුවී ගමන් කළයුතු බවයි. මෙහිදී කථානායක කරූ ජයසූරිය මහතාට නායකත්වයක් ලබාදීලා. පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාත්, කථානායක කරූ ජයසූරිය මහතාත්, තිදෙනාම එකට එක් වී මෙම අනාගත මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂට නායකත්වය දී ගමන් කර යතුයි කියන කීරණයට ආවා. සන්ධානයයේ නායකත්වයක් ලබාදීමට යොජනාකරනු ලැබුවා මේ කෙසේවෙතත්. මේ සියලුමදේ පිළිබඳව අවසාන තීරණය ලබන බ්‍රහස්පතින්දා සකච්ඡා කරලා තීරණයක්ක ගන්නවා“
COMMENTS