දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සජිත්ව නායකත්වයට ගේන්න මන්ත්‍රීවරු 52 ක් එකඟතාව පළ කරති

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කර ගත යුතු යැයි මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (16) එක...

සජිත්ව නායකත්වයට ගේන්න මන්ත්‍රීවරු 52 ක් එකඟතාව පළ කරති

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කර ගත යුතු යැයි මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (16) එකඟතාව පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ සවස සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්විය.

එම කණ්ඩායම් රැස්වීම සඳහා මන්ත්‍රීවරුන් 65 දෙනකු සහභාගි වූ බවත්, ඉන් මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර ගත යුතු බවට කැමැත්ත පළ කළ බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

මන්ත්‍රී කණ්ඩායමේ මත විමසුමක් ලෙස මෙම කැමැත්ත පළ කිරීම සිදුවූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත පරිදි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පිහිටුවා ඉදිරි මහ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග කරන බව කී මද්දුම බණ්ඩාර මහතා, ඉදිරි දින කීපයේදී මේ තීරණය පිළිබඳ සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කර අගමැති අපේක්ෂක ලෙස ද ප්‍රේමදාස මහතා පත් කර ගැනීමට කටයුතු කරන බව කීවේය.

බහුතර මතයට ගරු කර ව්‍යවස්ථානුකූලව අවශ්‍ය කටයුතු කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පක්ෂ සම්මේලනය කැඳවන ලෙස ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පක්ෂයේ සමගිය ආරක්ෂා කරගෙන ඉදිරි කටයුතු කරන්නට බලාපොරොත්තු වන බවත්, කරු ජයසූරිය මහතාගේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වය ඇතිව සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂ නායකත්වය හා අගමැති අපේක්ෂකත්වයන් ඉදිරි මැතිවරණයට තරග කරන බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කීවේ, නායකත්වය තෝරා පත් කර ගැනීම සඳහා මත විමසුමක් තබන ලෙස ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නම පක්ෂ නායකත්වය සඳහා යෝජනා කරන ලද බවය.

තමා ඒ යෝජනාව ස්ථිර කළ බවත්, ඒ අනුව අද (17) සිට ඉදිරි සංධානයේ වැඩකටයුතු අරඹන බවත් හරීන් ප්‍රනාන්දු මහතා කීය.

පක්ෂය කුමන තීරණයක් ගන්නවාද කියන කාරණයට වඩා බහුතර මතය අනුව සජිත් ප්‍රේමදාස පක්ෂ නායක ලෙසත්, ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂක සහ පක්ෂයේ නායක ලෙසත් පත් කර ගැනීමට යෝජනා වූ බවත්, ඒ අනුව ඉදිරියේදී ව්‍යවස්ථානුකූලව ඉදිරියට යන්නට තීරණය කළ බවත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

පක්ෂ නායකත්වය තෝරා පත් කර ගැනීමේ සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ, එකඟතාවයකින් තොරව රැස්වීම අවසන් වූ අතර, අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන සඳුදා හෝ අඟහරුවාදා නැවත වරක් හමුවක් කැඳවීමට තීරණය වූ බව කීය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහත්වරුන් එලෙස හමුවී සාකච්ඡා කර තීරණයක් ගැනීමට යෝජනා වූ බව ද පක්ෂ මහා ලේකම්වරයා සඳහන් කළේය.

පක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කළැයි කියන කතාව පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව කී මහා ලේකම්වරයා, අදාළ තීරණය ගන්නා අවස්ථාවේ පක්ෂ නායක හෝ මහ ලේකම් හෝ වගකිවයුතු තනතුරක් දරන කෙනකු එහි නොසිටි බව ද සඳහන් කළේය. එවැනි මත විමසුමක් සඳහා මන්ත්‍රී කණ්ඩායමේ සූදානමක් නොතිබූ බවත්, ඇතැම් මන්ත්‍රීවරුන් මෙදින රැස්වීමට නොපැමිණි බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් කොට පක්ෂ නායකයා නිල කාමරයෙන්ද පිටව ගිය පසු අදාළ මත විමසුම කර ඇති බව දැනගන්නට තිබෙන බවද, පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (16) පස්වරු 5ට පමණ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්විය.

නායකත්ව මණ්ඩලයක් පිළිබඳව මෙහිදී මන්ත්‍රී පිරිසක් යෝජනා ඉදිරිපත් කර ඇති අතර, සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රී පිරිසක් ඊට එරෙහිව අදහස් පළ කිරීමත් සමග මන්ත්‍රී කණ්ඩායම අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. පැය කීපයක් වාද විවාද කෙරෙමින් මන්ත්‍රී කණ්ඩායමේ අවසන් එකඟතාවක් නොමැති වූ බැවින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ නිල කාමරයට ගොස් තිබේ. පසුව මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායකත්වය පිළිබඳ මත විමසුම පවත්වා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වාද විවාද මැද පැය පහක් පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ කරමින්.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ව නායකත්වයට ගේන්න මන්ත්‍රීවරු 52 ක් එකඟතාව පළ කරති
සජිත්ව නායකත්වයට ගේන්න මන්ත්‍රීවරු 52 ක් එකඟතාව පළ කරති
http://am.lk/media/k2/items/cache/5705cfcc325e7083353fc5fefde0bdc1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/52.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/52.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy