දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු පොරොන්දු ඉටු කරන්න 2/3 බලයක් දෙන්න - ඇමති සෙනෙවිරත්න
Homeප්‍රවෘත්ති

ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු පොරොන්දු ඉටු කරන්න 2/3 බලයක් දෙන්න - ඇමති සෙනෙවිරත්න

PropellerAds

ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්  සියලුම පොරොන්දු  ඉදිරි වසර පහ තුළ ක්‍රියාත්මක කරන බව එතුමා පැහැදිලිව ප්‍ර...

සයිටම් වහන්නනේ නෑ (VIDEO)
බල පෙරළියක්? පළාත් පාලන ආයතනවල බලතල කොටසක් රජය පවරා ගනී
රන්ජන් කළුගල් කඩන්න මාර්ගයක් ඉල්ලයි - පාර්ලිමේන්තුවෙන් හෙළිදරව්වක් (VIDEO)
නාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්  සියලුම පොරොන්දු  ඉදිරි වසර පහ තුළ ක්‍රියාත්මක කරන බව එතුමා පැහැදිලිව ප්‍රකාශකර ඇති බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමාට තුනෙන් දෙකේ බලයක් සහිත  ශක්තිමත් ආණ්ඩුවක් ලබා දෙන ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකලේ බලවින්න ඕෂදී උත්සව ශාලාවෙ පැවති රක්වාන ආසනයේ දේශපාලන ක්‍රියාකාරී රුස්වීමකට එක්වෙමිනි.

මෙහිදී  තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

රටක් ඉදිරියට යන්න ස්ථාවර ආණ්ඩුවක් අත්‍යවශයයි. ස්ථාවර ආණ්ඩුවක් පවත්වගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බාදාවන් අපි ඉවත්කර ගත යුතුයි.පවතින සමානුපාතික නියෝජන ක්‍රමය මගින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම හරිම අපහසුයි.මේ ක්‍රමයෙන් ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙක්  පත්වෙන්නෙ නෑ.ඒ වගේම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අහිතකර වගන්ති ගණනාවක් තියෙනවා. ඒවා සංශෝධනය විය යුතුයි. රටේ ඒකීයභාවය,ජාතික ආරක්ෂාව  ව්‍යවස්ථාව තුළින්ම සහතික විය යුතුයි.මේ සංශෝධනයන් සිදුකරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් එන මහා මැතිවරණයේදී අපි  අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. සෙනෙවිරත්න මහතා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්,රක්වාන ආසනයේ අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජිත් සොයිසා මැතිතුමා ගැන මෙතනදී  අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ.පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරි  සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින්  පැවති යහපාලන ආණ්ඩුව පරාජය කිරීම වෙනුවෙන් එතුමා සිදුකල  කාර්යභාරය අපිට කවදාවත් අමතක කරන්න බැහැ.

අවාසනාවකට ජනාධිපතිවරණ ජයග්‍රහනයත් සමග එතුමා අප හැර ගියත් එතුමා ජයග්‍රහනය කරා මෙහෙයවපු රක්වාන ආසනය ඉදිරි මහමැතිවරණයේදී එතුමාට කරන කෘතගුණ සැලකීමක් ලෙස විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහනය කර වීමට අපි කටයුතු කළ යුතුයි. පොදුජන පෙරමුණ රටේ ප්‍රබලම දේශපාලන බලවේගය ලෙස ගොඩනැගීම වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් සිදු කළ  රංජිත් සොයිසා මැතිතුමා වෙනුවෙන් කෘතගුණ සැලකීමට අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද කටයුතු කර තිබෙනවා.රක්වාන ආසනයේ රංජිත්ගේ දේශපාලන වැඩකටයුතු ඉදිරියට ගෙනයාමට එතුමාගේ භාර්යාව  මුදිතා සොයිසා මැතිණියට එතුමා අවස්ථාව ලබා දී තිබෙනවා.ඒක නිසා මෙවර මහ මැතිවරණයේදී රංජිත් සොයිසා මැතිතුමාට සිදුකරනු ලබන ගෞරවයක් ලෙස තමුන්නාන්සේලාගේ   මනාපයක් අනිවාර්යයෙන් මුදිතා මහත්මියට ප්‍රකාශකරන ලෙස මම ඉල්ලා සිටිනවා.ඒ වගේම රක්වාන ආසනයේ ජනතාව සමග දීර්ඝ කාලයක් දේශපාලන සිදුකළ  මම ඔබව තනිකර නොයන බවත්, රක්වාන ආසනයේ ජනතාවගේ සමාජ ආර්ථික සහ යටිතල පහසුකම්  සපුරාලීමට අඛන්ඩව කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් මුදිතා සොයිසා මැතිණිය සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් මෙහිදී  ප්‍රකාශ කරන්න කැමතියි.

මෙම අවස්ථාව සඳහා ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විහාරාධිපති, රත්නපුර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, කෝම්පිටියේ ශ්‍රී සුසීල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ,ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති  ප්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වී සිටියහ.

– ධම්මික තිලකරත්න


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු පොරොන්දු ඉටු කරන්න 2/3 බලයක් දෙන්න - ඇමති සෙනෙවිරත්න
ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු පොරොන්දු ඉටු කරන්න 2/3 බලයක් දෙන්න - ඇමති සෙනෙවිරත්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0qKQuyPeqjrlgO9KVCS8O2eeEuVwkZZCTaqe61G890rHBQoCn46QZIblbNn4sjGgkGexKZ0mc5TZ_vdDzCSUHHgyXKQIRfSYa5GGBVCyeVW56vzMJWNsIORxKQO9Cm9t7UZVMQvnUva2N/s320/wdj.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0qKQuyPeqjrlgO9KVCS8O2eeEuVwkZZCTaqe61G890rHBQoCn46QZIblbNn4sjGgkGexKZ0mc5TZ_vdDzCSUHHgyXKQIRfSYa5GGBVCyeVW56vzMJWNsIORxKQO9Cm9t7UZVMQvnUva2N/s72-c/wdj.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy