අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන් පිරිසක් රුහුණු විශ්ව විද්‍යාලය ඉදිරිපිටදි අත්පති‍්‍රක බෙදා හැරිමක් සිදුකරන අතරවාරයේ විශ්ව වි...
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන් පිරිසක් රුහුණු විශ්ව විද්‍යාලය ඉදිරිපිටදි අත්පති‍්‍රක බෙදා හැරිමක් සිදුකරන අතරවාරයේ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ එයට බාධා කිරිමත් සමග යම් උණුසුම් තත්ත්වයක් ඇති විය .
මෙහිදි පොලීසිය පැමිණ දෙපාර්ශවය සමථයකට පත්කලද එහිදි රුහුණු විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා මාතර පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිය.
පසුව යම් පිරිසක් පැමිණ තර්ජනය කොට අත්පති‍්‍රකා පැහැරගෙන ගිය බවද එම සිසුහු පවසති .
මේ සම්බන්ධව අදහස් පලකල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ජිනරතන හිමියන් මෙසේ පැවසිය.
‘‘අද දවසේ අන්තරේ විදියට අපි රුහුණු විශ්ව විද්‍යාලයේ ඉදිරිපිටට පැමිණ අත්පති‍්‍රකා බෙදිමක් සිදුකර ජනතාව දැනුවත් කළේ එක් උන්මන්තකයෙක් රුහුණේ උපකුලපතිවරයා වෙලා අන්තනෝමතික ලෙස සිසුන් මර්දනය කරමින් පවතිනවා. සුජිව අමරසේන නම් උපකුලපතිවරයා තමයි මේ සියල්ල සිදුකරන්නේ. මේ සදහා සිසුන් සහ ජනතාව දැනුවත් කිරිම සදහායි අපි පැමිණියේ. විශ්ව විද්‍යාල සිමාවට අපි ඇතුල් වුණේ නැහැ ඉදිරිපිට සිටියේ. නමුත් එතනට පැමිණි ආරක්ෂක අංශ අපිට බාධා කලා. එත් ඉවත් නොවුණ තැන සුජිව අමරසෙනගේ මැරයන් ගෙන්වලා තර්ජනය කරා නොගියොත් මරණවා කියලා. අත්පති‍්‍රකා පැහැරගෙන ගියා. ඊට පස්සේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉංදික විදානපතිරණ සිසුවා පොලීසිය දම්මවලා අත්අඩංගුවට ගත්තා. මේ අයට ඕන රුහුණු විශ්ව විද්‍යාලය හිර ගෙයක් බවට පත් කරන්න . මේ සියල්ල නියෝජ්‍ය උපකුලපතිවරයා බලාගෙන හිටියේ. මේක පෙර පාසලක් නෙමෙයි විශ්ව විද්‍යාලයක් , එසේනම් මේ මර්දනයට එරෙහිව සිසුන් සහ ජනතාව පාරට බහින්න ඕන කාලය ඇවිත් තියෙනවා.’’
COMMENTS