උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය භාර නොගැනීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ගත් තීන්දුව ඉතා විශිෂ්ඨ තීන්දුවක් බව දේශ...
උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය භාර නොගැනීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ගත් තීන්දුව ඉතා විශිෂ්ඨ තීන්දුවක් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.
මිට පෙරද බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් දේශපාලනයට සම්බන්ධ වීමෙන් ඔවුන් ගොඩනගාගත් ප්‍රතිරූපය මෙන්ම ජනතාවගෙන් දිනාගත් ආදරයද නැති කරගත් බව ප්‍රකට කරුණකි.
මිට පෙර කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන සහ රංගන හේරත්ට ද දේශපාලනයට සම්බන්ධ වන ලෙස කල ඇරයුම් ඔවුන් ප්‍රතික්ෂේප කරන ලදී.
ආණ්ඩුකාරවරයා යනු අදාළ පළාතේ ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයා වේ. මේ නිසා දේශපාලන වශයෙන් එල්ලවන චෝදනා සියල්ලම ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රතිරූප බිඳ හෙලිමට හේතු වී තිබේ.
මුරලිදරන් මහතාගෙන් තමන් උතුරු ආණ්ඩුකාර ධුරය භාර ගන්නා ලෙස ඉල්ලීමක් කල මුත් තමන් එය භාර ගැනීමට අකමැති බව මුරලි ප්‍රකාශ කළ බව ජනාධිපතිවරයා ඊයේ (16) මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් අතර හමුවේදී ප්‍රකාශ කර තිබේ.
COMMENTS