අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ගොනු කළ අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඊයේ ගොනුකළ අපේක්ෂිත ඇප අයදුම්පත සළකා බැලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ ආරම්භ කෙරුණි.
ඒ අනූව, අද පෙරවරු 9ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි රාජිත සේනාරත්න මහතාට සහය පළකරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද අධිකරණය වෙත පැමිණ සිටියේය.
මන්ත්‍රීවරයා අපේක්ෂිත ඇප අයදුම්පත මඟින් පෙන්වා දී තිබුණේ, ඉකුත් ජනාධිපතිවරණය සමයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය ආරම්භ කර ඇති පරීක්ෂණයකට අදාළව තමන්වද අත් අඩංගුවට ගැනීමට සූදානම්ව ඇති බවයි.
ඒ අනූව එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් නම් කර තිබේ.
COMMENTS