දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රාජිත සමඟ චතුර පුතාත් අතුරුදහන්

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහුගේ නිල නිවසේ හෝ ඔහුට අයත් වෙන...

රාජිත සමඟ චතුර පුතාත් අතුරුදහන්

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහුගේ නිල නිවසේ හෝ ඔහුට අයත් වෙනත් කිසිදු නිවෙසක හෝ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (25) පැවසීය.

මෙම සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තුව අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායමක් ඊයේ (25) දවස තුළ හිටපු අමාත්‍යවරයා සිටින බවට විශ්වාස කරනු ලැබූ ස්ථාන කිහිපයකටම ගොස් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි කර ඇති බවත්, ඒ කිසිදු ස්ථානයක ඔහු නොසිටි බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායකවරයාට ලිඛිතව දැනුම්දී ඇති බවද ඔහු පැවසීය.

හිටපු අමාත්‍යවරයා පදිංචිව සිටින නො. 22/බී, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ස්ථානයටත් නො. 66, කන්දේවත්ත පාර, බේරුවල යන ස්ථානයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායම ගොස් ඇති බව ද වාර්තා වේ. හිටපු අමාත්‍යවරයා බේරුවල ප්‍රදේශයේ නිවසට අවසන් වරට පැමිණ ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණ සමයේ බවත්, එම නිවස ඔහු කුලී පදනම මත ලබාගෙන තිබූ එකක් බවත් සඳහන් වෙයි.

හිටපු අමාත්‍යාවරයා සිටින බවට ලද තොරතුරුවලට විශේෂ නිලධාරී කණ්ඩායම තවත් ස්ථාන කීපයක්ම සෝදිසියට ලක් කළත් ඒ කිසිදු ස්ථානයකදී  සොයා ගැනීමට නොහැකිවී ඇතැයි වාර්තාවේ.

මෙම විශේෂ නිලධාරි කණ්ඩායම ඊයේ (25) පෙරවරුවේ සිට රාත්‍රිය වන තුරුම හිටපු අමාත්‍යවරයා සෙවීමේ මෙහෙයුමේ නිරත වී සිටි බව සඳහන් වෙයි.

හිටපු අමාත්‍යවරයා රැඳී සිටින බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු අනුව අධිකරණ වරෙන්තු ප්‍රකාරව වහාම ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා විවෘත වරෙන්තුවක් නිකුත් කළේ පෙරේදාය.

මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගෙන් ලිඛිත උපදෙස් ලැබුණු බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. කෙසේ වෙතත් ඇප පනතේ 21 වැනි වගන්තිය ප්‍රකාරව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇපයක් ඉල්ලා ඇති අවස්ථාවක, සැකකරු අත්අඩංගුවට ගත නොහැකි බැවින් ඇප පනතේ 25 වන වගන්තිය ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබිණි. එම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113 (අ), 169 (උ), 190 වගන්ති ප්‍රකාරව සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 80 (1) (ඇ) වගන්ති යටතට ගැනෙන වරදක් මෙම සැකකරු විසින් සිදුකර ඇති බැවින් ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබිණ. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කළැයි කියන සැකකරුවන් දෙදෙනා හෙට (27) වනතුරු රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබුණේ ඉකුත් 16 වැනිදය. මෙලෙස රක්ෂිත බාරයේ පසුවන්නේ ඩබ්ලිව්.ජී. අතුල සංජීව මදනායක සහ එස්.ඩබ්ලිව්.ඒ. සරත් කුමාර යන දෙදෙනාය.

ඉකුත් නොවැම්බර් මස 10 වැනි දින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ තවත් පුද්ගලයින් දෙදෙනකු විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මිනිමැරීම, පැහැරගෙන යාම, වදහිංසා පැමිණවීම, සොරකම් කිරීම, තොරතුරු වසන් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් හෙළි කරන ලද සිද්ධියට අදාළව පරීක්ෂණයක් පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක කුමුදු ප්‍රදීප් සංජීව නමැත්තා විසිනි.

තවමත් කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාද ඉන්න තැනක් සොයා ගැනීමට නොහැකි වන ආකාරයට අතුරුදන් වී තිබේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජිත සමඟ චතුර පුතාත් අතුරුදහන්
රාජිත සමඟ චතුර පුතාත් අතුරුදහන්
http://am.lk/media/k2/items/cache/b7a5e87667a1f438b655d5a650adacd9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_368.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_368.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy