සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන්ගේ ණය කපා හරින බව පැවසූ ආණ්ඩුව මේ වනවිට එම ව්‍යවසායකයන් රැවටීමට ලක්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ප...
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන්ගේ ණය කපා හරින බව පැවසූ ආණ්ඩුව මේ වනවිට එම ව්‍යවසායකයන් රැවටීමට ලක්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ණය කපා හරින බවට පොරොන්දු දෙමින් ඔවුන්ගේ ඡන්දය ලබාගත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවත් ණය කපා හරින බවට ප්‍රකාශ කළ නමුත් එය තවමත් ක්‍රියාවට නංවා නොමැති බව මන්ත්‍රීවරයා පවසයි.
පසුගියදා කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය කපා හැරීම සම්බන්ධයෙන් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එවැනි තීරණයක් ක්‍රියාත්මක කළහොත් එය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පැවති රජය ජීවන බර අඩු කිරීමට කටයුතු නොකළ බවට චෝදනා කළ පුද්ගලයන් බලයට පත්වීමෙන් පසු ජීවන බර තවදුරටත් ඉහළ යමින් පවතින බවයි අජිත් පී. පෙරේරා මහතා පවසන්නේ. වත්මන් රජය බලයට පත්වීමෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ රජය අසාර්ථක බව මාස එකහමාරකින්ම ඔප්පු වී ඇති බවයි.
COMMENTS