දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්

අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ලෙස එවකට මහින්ද රාජපක්ෂ රජයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අජි...

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්

අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ලෙස එවකට මහින්ද රාජපක්ෂ රජයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කර තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ලෙස වර්ෂ 2006 ජූලි මස සිට 2015 ජනවාරි මස දක්වා කටයුතු කළේය. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හා දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ හිටපු සභාපතිවරයකුද වන ඒ මහතා, ආයතනික පාලනය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපදේශකවරයකුද වෙයි. ඔහු ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ පාලනයේ යහපුරුදු පිළිබඳ ව්‍යවස්ථා මාලාව වැඩිදියුණු කළ ඒකාබද්ධ පාලන කමිටුවේ හිටපු සභාපතිවරයාද විය.

එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්වීමට පෙර, කබ්රාල් මහතා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අතර, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. රජයේ ප්‍රතිපත්ති රාමුව හා සංවර්ධන සැලැස්ම සැකසීම සම්බන්ධයෙන් කටයුතු කළ පුද්ගලයන් අතරින් කෙනෙකු වූ ඔහු, උපායමාර්ගික ව්‍යවසායක කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.

රජයට සම්බන්ධ වීමට පෙර කළමනාකරණ උපදේශකයෙකු ලෙස ව්‍යාපාර පුනර්ජීවනය හා නැවත සැකසීම, සැලසුම් කිරීම හා ආයතනික පාලනයට අදාළව කටයුතු කළ අතර, එම අවධියේ ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් ගණනාවක සහාපතීත්වය සහ/හෝ අධ්‍යක්ෂ තනතුරු ඔහු විසින් හොබවන ලදී. තවද ඔහු සුරැකුම්පත් හා විනිමය කොමිසම, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය, පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය හා මොරටුව විශ්වවිද්‍යාලය යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළේය. කබ්රාල් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ අයිසන්හවර් පදනමේ '2000 Multi – Nation Programme'හි අධිශිෂ්‍යත්වලාභියෙකි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසීමේදීද විශාල කාර්යභාරයක් ඉටුකළ ඒ මහතා, වියත්මග සංවිධානයේද ප්‍රබල සාමාජිකයෙකි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්
අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්
http://am.lk/media/k2/items/cache/3d9ede9f2bbc36cb8bdb217e8f1ad9c7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_272.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_272.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy