දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චන්ද‍්‍රිකාගෙන් ජනපති මෛත‍්‍රීට දැඩි ප‍්‍රහාරයක්.. සජිත් වෙනුවෙන් ලග ලගම හොරගල් අහුලයි !
Homeප්‍රවෘත්ති

චන්ද‍්‍රිකාගෙන් ජනපති මෛත‍්‍රීට දැඩි ප‍්‍රහාරයක්.. සජිත් වෙනුවෙන් ලග ලගම හොරගල් අහුලයි !

PropellerAds

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපතිවරණයේදී ගෙන ඇති ස්ථාවරය සම්බන්ධයෙන් එම උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය විරෝධය පල...

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අදයි - ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ !
ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය මැදමුලනෙ වලවුවෙ පිලිකන්නේ එල්ලනවා - ජම්පර අන්දන්නේ නැති බව සජිත් කියද්දී එම වේදිකාවේදී දඹර අමිල හිමි කියයි
මුදුමාධව පන්නා දැමීමට මුල් වුනේ මායි.. ඔහු තුච්ච, පහත් ප‍්‍රකාශයක් කලා - නීතිඥ අල් සබ්රි
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපතිවරණයේදී ගෙන ඇති ස්ථාවරය සම්බන්ධයෙන් එම උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය විරෝධය පල කරයි.

වත්මන් ශ‍්‍රීලනිපය නායකත්වයට දැඩිව චෝදනා කරමින් ඇය විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

”මා ආදරණීය සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයිනි ! මිත්‍රවරුනි !

අප සියලු දෙනාගේ ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන අදූරදර්ශී නායකත්වය නිසා පක්ෂය සහ පාක්ෂිකයා දැඩි ලෙස අසීරුතාවට පත්ව ඇති මේ අවස්ථාවේ, පක්ෂය වෙනුවෙන් මෙතෙක් කල් බොහෝ කැපවීම් කළ ඔබ ව ආමන්ත්‍රණය කිරීම මාගේ බලවත් යුතුකමක් සහ වගකීමක් ලෙස සලකමි. ඒ, දශක ගණනාවක් පුරා ඔබත් සමග අපගේ පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කළ මා, උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ දරන මතය කුමක් ද ? යන්න පිළිබඳ ඔබ විශාල උනන්දුවකින් සහ උද්යෝගයකින් පසු වන බව දන්නා බැවිනි.

අපගේ ආදරණීය පක්ෂය වසර 68ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන දේශපාලන පක්ෂයකි. ඒ, නිදහසින් පසු අප රටේ වැඩිම කාලයක් පාලන බලය හෙබ වූ පක්ෂය වන නිසා ම නොව, අධිරාජ්‍ය ගැති පාලනයන් විසින් මාතෘ භූමියේ සැබෑ උරුමක්කාරයන් බැඳ දමා තිබුණු යදමින් සහ රැහැනින් ඔවුන් ගලවා ගැනීමට නායකත්වය ලබා දුන් දේශපාලන පක්ෂය ද වන බැවිනි. අප පක්ෂයට එසේ වැඩිම කලක් රාජ්‍ය බලයේ රැඳී සිටීමට හැකි වූයේ අප පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් නිදහස සහ සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටිය බැවිනි. අප පක්ෂය බණ්ඩාරනායකවරුන් යටතේ පාලනය වූ වසර 54ක කාල සීමාව තුළ කිසිදු විටෙක මිනී මැරුම් සිදු නොකෙළෙමු. ජනතාවගේ වත්කම් සොරකම් නොකළෙමු. සෑම විටෙම රාජ්‍ය පාලන කටයුතු විනිවිද භාවයකින් යුතු ව කිරීමට කැප වී සිටියෙමු.



දේශීය ආර්ථිකය නඟා සිටුවා මෙරට පොදුජන හිතෛශී ආර්ථික ප්‍රතිපත්ති රාජ්‍ය පාලනය සඳහා අනුගමනය කරනු ලැබුවේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් විසිනි. අපි අගමැතිවරු බිහි කළෙමු. ජනාධිපතිවරු බිහි කළෙමු. පොදු ජන නායකයින් බිහි කළෙමු. මෙරට වරප්‍රසාද නොලත් පොදුජනතාව ආර්ථිකමය වශයෙන්, දේශපාලනික වශයෙන් මෙන් ම අධ්‍යාපනික වශයෙන් ද සන්නද්ධ කිරීමට කටයුතු කළෙමු.

එවැනි සුවිශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහසින් පසු පැවැත්වූ සියලු මැතිවරණවලට ඉදිරිපත් විය. එහෙත් ඉතිහාසයේ ප්‍රථම වරට තව නොබෝ දිනකින් මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමට පැවැත්වෙන තීරණාත්මක ජනාධිපතිවරණය සඳහා අප පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ගන්නට නොහැකි වී තිබේ.

ජනාධිපතිවරණ ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණ හතෙන් හතරක් ඍජුව ජයග්‍රහණය කර ගැනීමට අප පක්ෂයට හැකි විය. 1994 පැවති තුන්වන ජනාධිපතිවරණයේ දී වසර 17කට පසුව පක්ෂයට රාජ්‍ය බලය ලබා දී ලෝකයේ ජනාධිපතිවරණයක දී වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා ගත් නායකයින් දෙදෙනාගෙන් එක් අයෙකු බිහි කිරීමට ද අප ආදරණීය පක්ෂයට හැකි විය. එවැනි ප්‍රතිශතයක් ලබා ගත් අනෙක් ලෝක නායකයා වූයේ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා ය. ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ ජනාධිපතිවරණ තුනෙන් 2015 පැවති ජනාධිපතිවරණයේ දී ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයන් වූයේ අප පක්ෂයේ ම ලේකම් සහ සභාපතිවරයා යි. එහිදී පක්ෂ ලකුණ සභාපතිවරයා සතු වුව ද පක්ෂ ප්‍රතිපත්ති සහ සැබෑ පාක්ෂිකයා සිටියේ පක්ෂ මහලේකම්වරයාගේ පාර්ශවයේ ය. ඒ අනුව ගත් කල අප පක්ෂය පරාජයට පත් වූයේ ජනාධිපතිවරණ දෙකක් පමණි.

එවැනි ජයග්‍රාහී පක්ෂයක පසු කාලීනව නායකත්වය ලබා ගත් අඥාදායක නායකයකු පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් 2015 ජනාධිපතිවරණයේ දී මෙරට පොදු ජනතාව ජීවිත අවදානම් නොතකා නායකත්වය ගත්ත ද, හැට දෙලක්ෂයක ජනවරමින් බලයට පත්වූ නායකයා තම පෞද්ගලික අවශ්‍යතා සඳහා අද වන විට පක්ෂය නැවත කුමන්ත්‍රණකරුවන්ට පාවා දී තිබේ.

පක්ෂ නිර්මාතෘවරයාගේ සිට බිම් මට්ටමේ සමාජිකයන් දක්වා පක්ෂ ක්‍රියාකාරීන් දහස් ගණනකගේ ජීවිත පවා පූජා කොට රැකගත්, පක්ෂ ක්‍රියාකාරිකයින් ලක්ෂ ගණනකගේ ලේ, කඳුළු, දහදියෙන් පෝෂණය වූ පක්ෂය අද වන විට පත් ව තිබෙන ඉරණම පිළිබඳ සිත් යොමු කරන සෑම මොහොතක ම, ඔබගේ මෙන් ම මගේ හදවත ද නිහඬව වැලපෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු වංචනිකයන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින්ගෙන් සමන්විත පක්ෂයක් නොවේ. එය මෙරට තැලෙන පෑගෙන පොදුජනතාවගේ පක්ෂයයි. ජාතිවාදය, ආඥාදායක්ත්වය, මර්දනය, සොරකම, අවනීතිය රජකරන යුගයකට රට නැවත තල්ලු කිරීමට කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු සූදානම් නොමැති බව මම දනිමි.

අප පක්ෂය අතීතයේ සිට ම ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉහළින් ම අගය කළ පක්ෂයකි.පක්ෂ නිර්මාතෘවරයා තම ජීවිතය පූජා කළේ ද, සිරිමවෝ බණ්ඩාරනායක මැතිනිය අනේක විද නින්දා අපහාස දුක්ගැහැට වින්දේ ද, ඔබ වැනි ම අහිංසක සැබෑ පාක්ෂිකයන් දහස් ගණනක් ජීවිත පූජා කළේ ද ඒ වෙනුවෙනි.

එබැවින් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 95% කගේ විරෝධය නොතකා ඉතා අතලොස්සක් වන අවස්ථාවාදී නායකයන් පිරිසකගේ පෞද්ගලික බලලෝභී අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන්, පක්ෂයේ සදාදරණීය නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දහ නව වන ගුණානුස්මරණය යෙදී තිබූ ඉකුත් ඔක්තෝබර් 10 වන දින දී ම, පක්ෂය ගිවිසුමක් මගින් කුමන්ත්‍රණකරුවන් පිරිසකට පවරා දී, පක්ෂය විනාශ කිරීමට ගන්නා උත්සාහය සාර්ථක වීමට ඉඩ නොතැබිය යුතු ය. ඒ සඳහා ඔබ සියලු දෙනා එළඹෙන ජනාධිපතිවරණයේ දී වඩාත් බුද්ධිමත්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

වසර 17ක් පුරා ඔබ අප සියලු දෙනා විඳි අප්‍රමාණ හිරිහැර පීඩාවලින් මිදී අසරණව සිටි පක්ෂය වඩාත් ජව සම්පන්නව ජයග්‍රහණය කිරීමට 1994 දී නායකත්වය ගත්තාක් මෙන්, මේ තීරණාත්මක අවස්ථාවේ දී ද අප පක්ෂ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන පක්ෂය රැක ගැනීම වෙනුවෙන් ඔබ විසින් හුදකලාව ආරම්භ කර තිබෙන සටනට ඔබට සහයෝගය ලබා දෙමින් පක්ෂය රැක ගැනීම සඳහා දිවිහිමියෙන් කැපවන බව ද නිබඳව ප්‍රකාශ කරමි.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය!
ඔබට ජය!
අප රටේ අනාගත පරපුරට ජය!

මීට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සදා ලැදි,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චන්ද‍්‍රිකාගෙන් ජනපති මෛත‍්‍රීට දැඩි ප‍්‍රහාරයක්.. සජිත් වෙනුවෙන් ලග ලගම හොරගල් අහුලයි !
චන්ද‍්‍රිකාගෙන් ජනපති මෛත‍්‍රීට දැඩි ප‍්‍රහාරයක්.. සජිත් වෙනුවෙන් ලග ලගම හොරගල් අහුලයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgytamsVN9h-7-xaDQgz3I_aA8GW8inZUQzfjcFSVEcNvcNxlWqVPgoMTy-oWpUXqq5tmhfAYaJXDb2BnmNz5OM_k_F9E6z9gVo8_Y36_8DbvPUyQlGDY_0br96w_LN-6zoNsseiYHqrEQH/s320/maithripala-with-chandrika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgytamsVN9h-7-xaDQgz3I_aA8GW8inZUQzfjcFSVEcNvcNxlWqVPgoMTy-oWpUXqq5tmhfAYaJXDb2BnmNz5OM_k_F9E6z9gVo8_Y36_8DbvPUyQlGDY_0br96w_LN-6zoNsseiYHqrEQH/s72-c/maithripala-with-chandrika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_916.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_916.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy