ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම තනතුරක් හිටපු ආරක්ෂක ලේකම්, පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමේ සැළසුමක් ඇති බව සිරස...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම තනතුරක් හිටපු ආරක්ෂක ලේකම්, පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමේ සැළසුමක් ඇති බව සිරස රූපවාහිනි වාර්තා කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ගන්නැයි මීට පෙර ද ආරාධනා කර තිබුණ ද ඒ මහතා මෙතෙක් එම කටයුත්ත සිදු කර නැත.
මේ වන තෙක් ගෝටාභය රාජපක්ෂ මහතා කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගෙන නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු ආවරණය කිරීම සඳහා මේ වන විට පත් කර ඇත්තේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාය. දයාසිරි ජයසේකර මහතාද කටයුතු කරන්නේ වැඩ බලන මහ ලේකම් තනතුරේය.

COMMENTS