සජිත් ප්‍රේමදාස මහතාට සපත්තු දෙකක් රැගෙන දීමට නොහැකිදැයි තමන් ඒ මහතාගේ බිරිඳගෙන් විමසූ බව අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු හැමදාමත් අ...
ඔහු හැමදාමත් අඳින්නේ සුදු කලිසමත් සුදු අත්කොට කමිසයත් සෙරෙප්පු දෙකත් බව පැවසූ ඒ මහතා සජිත් ප්‍රේමදාස මහතාට බොරුවට මිනිසුන් රැවටීමට වුවමනාවක් නොමැති බවයි සඳහන් කළේ.
එසේම සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය ජයගත හැකිය යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන නමුත් එය කිසි දිනක කළ නොහැක්කක් බවත් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ සියල්ලන්ම ශ්‍රී ලාංකිකයින් බවත් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වී සිටින්නේ මේ ශ්‍රී ලාංකිකයින් වෙනුවන් සහ රට වෙනුවෙන් බවත් ඒ මහතා පැවසීය.
හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ ප්‍රදේශයේ ඊයේ (12) පැවති ජනහමුවක් අමතමිනි.
COMMENTS