අ ධිකරණ නියෝග කඩ කරමින් ගුරුකන්ද නායාරු පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති මේධාලංකාර කිත්ති හිමියන්ගේ අදාහන කටයුතු සිදු කිරීමට මුල් වූ සියලු ...
අධිකරණ නියෝග කඩ කරමින් ගුරුකන්ද නායාරු පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති මේධාලංකාර කිත්ති හිමියන්ගේ අදාහන කටයුතු සිදු කිරීමට මුල් වූ සියලු දෙනා අත්අඩංගුවට ගත යුතු බව දෙමළ ජාතික සන්ධානය රජයට බලකර සිටී. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කරන්නේ රජය විසින් හින්දු ආගමික ස්ථාන වෙත වහාම ආරක්ෂාව සැලසිය යුතු බවයි.
මේ පිළිබඳ පෙරේදා යාපනයේදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
භික්ෂුන් වහන්සේ කිහිපනමක් විසින් අධිකරණ නියෝගය කඩ කිරීමට එරෙහිව උතුරේ නීතිඥවරුන් විසින් ගෙනයනු ලබන විරෝධතාව අගය කළ යුතුයි.
එදින භික්ෂුන් වහන්සේ කිහිපනමක් විසින් අධිකරණ නියෝග කඩකර තිබෙන්නේ පොලිසිය ඉදිරියේය. එම ක්‍රියාව ජාතීන් හා ආගම් අතර පවතින සංහිඳියාව වළ දැමීමේ කටයුත්තක්.
මෙම නීති විරෝධී කටයුත්තට එරෙහිව අපි සාමූහික වශයෙන් යම් තීරණයක් ගැනීමට කටයුතු කරනු ලබනවා.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ වරදට එක් වතාවක් සිරගත කෙරුණා. උන්වහන්සේට නිදහස ලැබුණේ ජනාධිපති පොදු සමාව යටතේයි. එසේ තිබියදී ඥානසාර හිමියන් නැවතත් අධිකරණයට අපහාස කර තිබෙනවා.
මේ පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිචාරය අපි බලාපොරොත්තු වෙනවා.
අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ හින්දු කෝවිල කඩා බිඳ දමමින් එම ස්ථානවල වෙහෙර විහාර ඉදිකිරීමේ කටයුතු නතර කරන ලෙසත් මුලතිව් නායාරු පිල්ලෙයාර් කෝවිල සිද්ධියට අදාළ වැරැදිකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසයි.
ලක්ෂ්මී ජයකොඩි

COMMENTS