අ ප අත්විදි කටුක අද්දැකීම් වලින් තොර යහපත් දේශයක් අනාගත පුරපුරට උරුමකර දීම සඳහා අප යුගයේ ප්‍රශ්න අප විසින්ම විසදා ඉදිරිපරපුරට නිරවුල් සමෘධි...
අප අත්විදි කටුක අද්දැකීම් වලින් තොර යහපත් දේශයක් අනාගත පුරපුරට උරුමකර දීම සඳහා අප යුගයේ ප්‍රශ්න අප විසින්ම විසදා ඉදිරිපරපුරට නිරවුල් සමෘධිමත් රටක් භාරදීමට ඇති වගකීමෙන් මිදීමට කිසිදු නායකයෙකුට නොහැකි බවත්, තව පෝය දින 05 කින් පසු මැතිවරණ මාලාවක් එළඹෙත්දී යලිත් සුපුරුදු දේශපාලන කුළල්කා ගැනීම් වලට යනවාද එසේ නැතිනම් මෙතැන්සිට වත් ස්තිසාර පොදු ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කැප වනවාද යන්න තීරණය කල යුතුව ඇති බවත්, කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
මීලග පරපුරේ අති විශිෂ්ටයන් ලෝකයතුල ජයග්‍රහණයන් ලැබීමට සමත්කම් ඇති අය යන්න අපේ දරුවන් ඔප්පුකර ඇති බවත්, 20 වන සියවසයේ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වැනි බුද්ධිමත් දරුවන් ලක්බිමේ බිහිවී ඇති බවත්, සඳහන් කල කථානායකවරයා පෙන්වා දුන්නේ ලාංකික දරුවන් අභ්‍යවකාශයට චන්ද්‍රිකා යවමින් ලෝකය පුදුම කරවන නව නිර්මාණ කරමින් එය ඔප්පු කරමින් තිබෙන බවයි.
ඔහුන්ට පැහැදිලි ගමන් මගක් ඇති කිරීමට නම් ජාතික සමඟිය එකඟතාවය ඇති නිරවුල් රටක් සඳහා කලහැකි සෑම කැපකිරීමක්ම කිරීමට පසුබට නොවිය යුතු බවද කථානායකවරයා පෙන්වා දුන්නේය.
කරු ජයසුරිය මහතා මේ බව සඳහන් කලේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති “බසවඩමු – හද දිනමු” ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කල ජාතික දින සැමරුම් උළෙලහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
භාෂාව , ආගම සංස්කෘතිය මුල්කර ගනිමින් ලෝකය භේද බින්න උවද සමස්ථ ලෝවැසියන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව බැද තැබීම උදෙසා ම එම අංශ බිහිවී ඇතැයි යන්න සදාතනික සත්‍ය බවද මෙහි දී හෙතෙම සඳහන් කලේය.
උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසුරිය මහතා
භාෂාව මිහිපිට සමස්ත ජීවින් අතරින් මානවයා ඔසවා තැබු අද්විතීය ජයග්‍රහණයක් මෙන්ම මිනිස් ශිෂ්ටාචාරය සමාජ පරිනාමයට හා පුද්ගලයා සාමාජානුයෝජනයට ලක්කළ පදනමයි. ඒ තුළ යම් ශිෂ්ටාචාරයක ඓතිහාසික දැනුම් සම්භාරය සහ අත්දැකිම් පසුතලය ගැබ්ව තිබෙනවා .
භාෂාවන්හි තුලනාත්මක අවබෝධය විසින් මිනිස් වර්ගයා එකම මූලයකින් පැවත එන බව තහවුරු කරමින් සැමවිට පටු ජාතිවාදය සහ ආගම්වාදී මතවාද ප්‍රතික්ෂේප කරනවා.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සහෝදරත්වයේ පාලම බවට භාෂාව පත්කර ගත යුතුව ඇතැයි යන වැදගත් කථිකාවක් තිස් වසරක යුද්ධයෙන් පසුව නිර්මාණය වුනා. එය පදනම් කරගනිමින් වැඩසටහන් ගණනාවක් දියත් වූ නමුත් වර්තමානයේ එය වඩාත් ශක්තිමත්ව හා සක්‍රීයව ඉදිරියට ගෙන යාමට විෂයභාර ගරු අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමන්ගේ කැප වෙනවා
ගරු අමාත්‍යතුමන් තුළ ඊට අවශ්‍ය නිවැරදි දැක්ම ඇති බව පැහැදිලිය.
එතුමාට විශාල ජාතික හැගීමක් තිබෙනවා ද්‍රවිඩ ජාතියෙකු වුවත් එතුමා එක ප්‍රදේශයකට එක ජාතියක සීමා වූ දේශපාලනයෙන් තොරව ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කැප වෙනවා.
83 ජුලි කලබලවලය ආරම්භ වූ දින පෙරවරුවේ මම මගේ පවුලේ අය සමඟ මරදාන ප්‍රදේශයට යමින් සිටියා..මගේ මෝටර් රථය නැවැත්වූ පිරිසක් මට කිවුවා සිංහල ජාතිය බේරා ගන්න පෙට්‍රල් ටිකක් දෙන්න කියලා , එදා මම ඔවුන්ට කිවුවා ඔබ මේ පෙට්‍රල් ඉල්ලන්නේ පරම්පරා ගණනාවක අනාගතය ගිනි තියන්න කියලා. අප දශක තුනක් එහි ප්‍රතිපළ අත් වින්දා .
යුද්ධය නිමාකරලා රට පැහැදිලි ගමනක් යමින් තිබු අවස්ථාවක පාස්කු ප්‍රහාරය එල්ල වුනේ
ලෝක සංචාරක ක්ෂේත්‍රයේ වගේම ආයෝජකයන්ගේ අවධානය දිනාගත් සුන්දර රටක් ලෙස අප යලි හිස ඔසවමින් සිටි මොහොතකයි පාස්කු ප්‍රහාරය එල්ල වුනේ ඉන් පසු යලි බලාපොරොත්තු බිද වැටුනා..
නමුත් කරන්න දෙයක් නැහැ යලි යලිත් වැටි වැටී නැඟි සිටීම හැර වෙන විකල්පයක් නැහැ දැනවත් සියළු දෙනා එක්සත්ව නැගී සිටිය නොහැකිනම් ශ්‍රී ලංකාව ගැන තවදුරටත් බලාපොරොත්තු තැබිය නොහැකි වනු ඇත.
අපේ දරුවන්ට තරගය තිබෙන්නේ මිලියන 2 ක් ඌ ලාංකිකයන් අතර නොවන බවත්, ඔවුන් ලෝක දරුවන් විය යුතු බවත්. ලෝකය සමඟ තරග කිරිමේ දී අභියෝග වලට මුහුණ දීමට දරුවන් සුදානම් නමුත්, වැඩිහිටියන් ඔවුන් ඉල්ලා සිටින රට නිර්මාණය කල යුතුව ඇති බවද කථානායකවරයා මෙහිදී පැවසීය.
මෙහිදි අදහස් දැක්වූ ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියා සිටියේ අන්තවාදය විවිද තැන් වලින් බියගුලු ලෙස හිස ඔසවනු දැක්නට ලැබුන ද අන්තවාදයට කිසිදා ඉඩක් නොමැති බව ඉතිහාසය විසින් යලි යලිත් සනාත කර ඇති බවයි.
සියළු අන්දමේ ත්‍රස්තවාදීන් හා අන්තවාදීන් පරාජය කිරීමට භාෂාව තුලින් එකිනෙකා අතර ඇති වන හෘදයාංගම බවට හැකි බවද කී හෙතෙම
අන්තවාදය විසින් සාමය, සමඟිය බිදදමන සැමවිටම එය යලි නිර්මාණය කිරිමට සුදානම් අන්තවාදයට එරෙහිව සටන්කරන ධෛර්‍ය සම්පන්න මිනිසුන් ගේ සාමුහික ශක්තිය කෙරෙහි විශ්වාසය තබන බවද පැවසීය.
– කතානායක මාධ්‍ය අංශය

COMMENTS