දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මෙහෙ ඉදන් වැහි වස්සවලා ඇමරිකාව ගං වතුරෙන් යටකරවනවා..- ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා

ඔහු මහනුවර වත්තේගම පදිංචි අනෝජ් ද සිල්වාය. රාවණා පරපුරෙන් පැවත එන හෙළ වෙදෙක් වශයෙන් තමාව හඳුන්වා ගන්නෙකි. කොණ්ඩය රැවුල වවාගෙන… අතේ කරේ යකඩ...

ඔහු මහනුවර වත්තේගම පදිංචි අනෝජ් ද සිල්වාය. රාවණා පරපුරෙන් පැවත එන හෙළ වෙදෙක් වශයෙන් තමාව හඳුන්වා ගන්නෙකි. කොණ්ඩය රැවුල වවාගෙන… අතේ කරේ යකඩ කිලෝ ගාණක් එල්ලා ගෙන සිටින මේ වෙදැදුරා හෙළ දැනුම, රාවණා බලය, යන්ත්‍ර, මන්ත්‍ර, කේන්දර, විශ්ව ශක්තිය, භාවනාව, අංගම්පොර ආදී තව බොහෝ දේ ගැන කතා කරයි. ඔහු අද ලංකාවේ රූපවාහිනී නාලිකා ආදී බොහෝ මාධ්‍යවල ලොකු කතාකාරයෙකි. යූ ටියුබයේ ඔහුගේ වීඩියෝ සිය ගණනකි.

මෑතක සිට ඔහුට ලංකාවේ ජනාධිපති වීමටද සිතක් පහළ වී ඇති බැවින් මේ හෙළ වෙදදුරා ගැන මා දන්නා කතාව කීමට කල්පනා කළෙමි. මම 2013 වසරේ දිනක මේ වෙදා හමුවීමට ගියෙමි. ඒ ඔහුගේ බලය, දැනුම, හැකියාවන් මොනවාදැයි මැදහත්ව විමසා බැලීමටය. කලින් නොදන්වාම ඔහුගේ නිවසට ගිය මම ඉතා සුහදව පැයක් පමණ ඔහුගේ හපන්කම් ගැන සාකච්ඡා කළෙමි. ඔහු ඒ පැයට අරාබි නිසොල්ලාසය බඳු පුදුමාකාර කතා කන්දරාවක් කියාගෙන කියාගෙන ගියේය. එහිදී ඔහු කී ප්‍රධාන කාරණා කීපයක් මෙසේය.

ඇමරිකාව ජිනීවා යෝජනා ගෙනල්ලා ලංකාවට ගේම දෙන්න හැදුවොත් මම මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම ගංවතුරෙන් යට කරලා දානවා. ලංකාවේ මම කියන කඳු තුනක චෛත්‍ය තුනක් හදන්න මට ආණ්ඩුව ඉඩදෙනවා නම් මම ලංකාවේ මිනිස්සුන්ට හැදෙන ලෙඩවලින් සීයට හැත්ත පහක් බේත් නැතුව හොඳ කරනවා. මම කියන දේවල් හරියට කරනවා නම් ලෝකේ ඕනම හොඳ කරන්න බැරි ලෙඩෙක් මම සනීප කරනවා. සරත් ෆොන්සේකාව හිරෙන් නිදහස් කරන්න හිතෙන්න කියලා මම තමයි මහින්ද රාජපක්ෂට විශ්ව ශක්තියෙන් බලපෑම් කළේ… මම ඒක කළේ එයාව හිරේ දාපු එක මහින්ද මහත්තයාට හොඳ නැති නිසා…

ඔහු මොන ජාතියේ බඩුවක්දැයි මේ කතා අසන ඕනෑම අයෙකුට සිතිය හැකි වුවද මම ඉවසීමෙන් ඔහුගේ අරාබි නිසොල්ලාස කතා අසා සිටියෙමි. ඒ පුංචි දෙයක් හෝ ඔහුට කළ හැකිදැයි සැබවින්ම දැනගත යුතු වූ නිසාය. ඒ අතරේ අපූරු දෙයක් සිදුවිය. හදිසියේම අනෝජ්ගේ පියා හොඳටම බීගෙන ගෙදරට කඩාපාත් වූයේ කුණුහරප කියමින් පුටු මේස ආදියටද අතින් පයින් පහර දෙමිනි. මහා හෙළවෙදදුරුගේ ආනුභාවය දෙකක් දා ගත් පියා හමුවේ සුරුස් ගා වියැකී ගියේය.

“දැන් ගෙදර කතා කරන්න බෑ…. තාත්තා කචල් දානවා… අපි වෙන කොහාට හරි යමු.”

ඉන්පසු අපි අසල පන්සලකට ගියෙමු. නැවත ඔහුගේ සුපුරුදු පම්පෝරිය ඇරඹිණි. ටික වේලාවකින් මම ඔහුට සරල හරස් ප්‍රශ්නයක් යොමු කළෙමි.

“අර මහින්ද රාජපක්ෂගේ හිත වෙනස් කළා කීවානේ… ඔයාට ඇයි බැරි ඒ ක්‍රමේට ඔයාගේ තාත්තාගේ හිත වෙනස් කරන්න….? ”

අනෝජ් ද සිල්වා අන්දුන් කුන්දුන් වී සිනාසෙන්නට පටන් ගත්තේය.
“ඔව්… ඒක කරන්න පුලුවන්… ඒත් ඒකට තාත්තා මගෙන් ඉල්ලීමක් කරන්න ඕන.”

“එතකොට මහින්ද රාජපක්ෂ ඔයාගෙන් ඉල්ලීමක් කළේ නෑනේ… අනික බොන මිනිහා ඉල්ලීමක් කරයිද මගේ බීම නවත්තන්න කියලා…. තව එකක්… උතුරේ යුද්දෙ ඉවර කරන්න අපි කොච්චර දුකක් වින්දද? ඔයා ඒ දවස්වල විශ්ව තරංග යවලා කෙලින්ම ප්‍රභාකරන්ගේ හිත වෙනස් කළා නම් සේරම ඉවරයිනේ…”

පැහැදිලි කිසිවක් නොකී මහා මන්ත්‍රාචාර්යවරයා ළමිස්සියක් සේ හිනැහෙන්නට පටන් ගත්තේය. ඔහුගේ නැව් තියරි කන්දරාව එක ප්‍රායෝගික තුරුම්පුවකින් කඩා වැටෙන සැටි මට පෙනෙයි. එහෙත් මම ඔහුව අපහසුතාවට පත් නොකර, ඉතා ඉවසීමෙන් පුරා පැය පහක් තිස්සේ ඔහු සමග කතා කළෙමි. අවසානයේ මගේ නිගමනය වූයේ මෙයය.

“ඔයා කියන දේවල් ඇත්ත වෙනවා නම් මමත් කැමතියි. හැබැයි කටින් කිව්වාට බෑ… ප්‍රැක්ටිකල් වෙන්න ඕන… ඔය දේවල්වලින් සීයට සීයක් ඕන නෑ…. සීයට දහයක් හරි ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුලුවන් නම් ඒ හොඳටම ඇති. ඒකට ලෑස්තිද?”

රාවණා පරපුරේ වීරයා පියවරෙන් පියවර පල්ලම් බසින බව මට පැහැදිලිව පෙනේ.

“ඇමරිකාවට වැහි වස්සනවා කීවා නේද… ඉතින් ඔයාට බැරිද ලංකාවට වැස්සක් වස්සන්න… ” මම ඔහුට යෝජනා කළෙමි.

“ම්ම්ම්…. පුලුවන්. ඒත් අයියේ ඒකට සති ගාණක් තිස්සේ වෙනම ලෑස්ති වෙන්න ඕන… ඒවාට ගන්න තැඹිලි ජාතිය තියෙන්නේ මඩකලපුවේ…. රෑ දොළහට…. කාටත් හොරෙන්… කතා නොකර…. හෙළුවෙන් ගහට නැගලා…. ඒ තැඹිලි ගෙඩියක් කඩාගෙන…. අතේ තියන් බිමට බැහැලා…. ඒකෙන් තෙල් හිඳලා…. අහවල් ජාතියේ ගෙම්බෙක්ගේ මුත්‍රා ඒකට එකතු කරලා…. මාසයක් ජීවම් කරලා…. අනික ඒ ගෙම්බොත් දැන් හොයාගන්න නෑ…. උන් ඉන්නේ අවුරුද්දේ එක කාලෙක සිංහරාජ වනාන්තරේ….”

ඔහු දුන් පිළිතුර එයම නොවුනද සෑම ප්‍රශ්නයටම ඔහු දැන් දෙන්නේ ඒ ජාතියේ ඉළ ඇදෙන පිළිතුරුය. ඔහු නොකෙරෙන වෙදකම්වලට කෝඳුරු තෙල් හත්පට්ටය සොයයි. ඔහු මුලදී මට කතා කළේ දරුවා කියාය. පැය පහකට පසු හොඳටම හොට බිම ඇනගැනීමෙන් අනතුරුව මා ඔහුට දරුවා නොව අයියා වී සිටියේය. බලය ඔප්පු කිරීම සඳහා මම ඉදිරිපත් කරන සියලු සරල යෝජනා ඔහු නොයෙක් හේතු කියමින් ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ අලුත්ම උපාය තම හැකියාවන් ගැන කීම නොව නොහැකියාවට හේතු කප්පරක් ඉදිරිපත් කිරීමය.

“අඩුම ගාණේ ඔයාට බැරිද ඔයාගේ මහා බලයෙන් තණකොළ ගහක් හරි හොලවලා පෙන්වන්න….”

දස අතේ කල්පනා කළ වෙදැදුරා අවසානයේදී තම බලය ඔප්පු කිරීමට අපූරු ක්‍රමයක් යෝජනා කළේය. මගේ අතට සුරයක් දුන් ඔහු කීවේ එය පපුවට අල්ලාගෙන ඔහුගේ දේවාලය ඉදිරිපිට වී කෙලින් සිටගෙන ඉන්න කියාය.

“ඔට්ටුයි ඉන්න බෑ. සුරේ බලේට ඔයාව පස්සට විසිවෙලා යනවා…”

මම දේවාලය ඉදිරිපිට යහතින් නොසෙල්වී සිටගෙන සිටියෙමි. අවසානයේ අනෝජ් තමාම සුරය අතට ගෙන දේවාලය ඉදිරියට ගොස් පස්සට විසි වී පෙන්නුවේය.

“ඔයාගේ බඬේ බහිරවයෙක් ඉන්නවා… ඒකයි අයියා ඔයාව පස්සට විසි වෙන්නේ නැත්තේ…”

කොමඩි නාටකයක් බඳු මේ සිදුවීම සිනා නොවී රස විඳිමින් වුවද ඔහුට තවදුරටත් අවස්ථාව දීමට මම තීරණය කළෙමි.

“හරි දැන් බැරි නම් ඔයා කැමති දවසක, කැමති තැනක පුලුවන් දෙයක් කරලා පෙන්වන්න. කියන තැනකට මම එන්නම්. මම ලෙඞ්ඩු කීපදෙනෙක්වත් ඔයා ගාවට එවන්නම්. සනීප වෙනවාද කියලා බලමු….”

අවසානයේදී ඔහුට මම සුහදව සමුදුන්නේ එසේය. කියූ ආකාරයටම රෝගීන් තුන්දෙනෙක් ඔහු වෙත යැව්වෙමි. නමුත් එදායින් පසු නැවත කිසිදා ඔහුව මට සම්බන්ධ කරගත හැකිවූයේ නැත. මා ඔහු ළගට යැවූ රෝගීන් තිදෙනාට කිසිදු සුවයක් අත් වූයේද නැත. පසු කලෙක මේ රසබර අත්දැකීම මගේ පේමතෝ ජායතී අසෝකෝ නවකතාවටද එකතු විය. එහි 171 පිටුවේ කියවෙන උපුල් වෙදාගේ චරිතය නිර්මාණය වූයේ අනෝජ් සිල්වාගේ කතාව පදනම් කරගනිමිනි.

මේ කියන දේවල් බොරු නම් ඒ ගැන ඕනෑම තැනක ඕනෑම විවාදයකට මම සූදානම්ය. අවශ්‍ය නම් මට හානියක් සිදු කර හෝ ඔහුගේ බලය ඔප්පු කිරීමට අනෝජ් සිල්වාට හැකි නම් එය කර පෙන්වන මෙන් අභියෝග කරමි. අනෝජ් සිල්වාගේ බොරු වෙද නාඩගම්වලට අමතරව අද ඔහු සිංහල ඡන්ද කඩන ක්‍රීඩාවේ ඉත්තෙකු බවටද පත්වී තිබේ. මා මෙය ලීවේ එයට රැවටුණු ජාතිකවාදී මතවාද දරන අයද සිටින බැවිනි. අනෝජ් සිල්වා යනු සිව්හෙළය එක්සත් කරන අනාගත ජනාධිපතිවරයා නොව මානසික ප්‍රතිකාර ලබාදිය යුතු ඔල්මාදකාරයෙකි. හෙළ දැනුම ගැන අකට විකට කතා කියමින් සිංහලකම රකින්නට පෙරට එන්නේ මෙවැනි බොරු කටේ නරිවාදම්කාරයන් නම් සිංහලයා ඔවුන්ගෙන් පරිස්සම් වීම ඉතා යහපත් බව පමණක් අවසාන වශයෙන් ලියා තබමි.

(2019 ජුලි 21 සති අග අරුණ පුවත්පතට ලියූ ලිපියක කෙටි කරන ලද සංස්කරණයකි)

– ඉසුරු ප්‍රසංග

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙහෙ ඉදන් වැහි වස්සවලා ඇමරිකාව ගං වතුරෙන් යටකරවනවා..- ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා
මෙහෙ ඉදන් වැහි වස්සවලා ඇමරිකාව ගං වතුරෙන් යටකරවනවා..- ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzPwiqzJtpvtrRzTbeQ7nhV0ASDskqPkSCpHWB8367Aln0bWQuq_rLIPAx82I81Uqgp3nR2B__2J6rI4K_vn-dvs8hyphenhyphenfD5yOCM2iGB0PBYvMSPnUbefvhFtFx8C-_utG4DNQpoSCu33rc/s320/47788.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzPwiqzJtpvtrRzTbeQ7nhV0ASDskqPkSCpHWB8367Aln0bWQuq_rLIPAx82I81Uqgp3nR2B__2J6rI4K_vn-dvs8hyphenhyphenfD5yOCM2iGB0PBYvMSPnUbefvhFtFx8C-_utG4DNQpoSCu33rc/s72-c/47788.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_756.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_756.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy