ර ටට අහිතකර විදේශ විස අපද්‍රව්‍ය ආනයනය කිරීමට මඟ සැලැසී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා සැලසුම් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ අවස්ථාවේ ඔහු...
රටට අහිතකර විදේශ විස අපද්‍රව්‍ය ආනයනය කිරීමට මඟ සැලැසී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා සැලසුම් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ අවස්ථාවේ ඔහු සතුව පැවැති බලතල යොදාගෙන 2013 අංක 1818-30 ගැසට් පත්‍රයෙන් සිදුකළ නිවේදනය නිසා යැයි සමස්ත ලංකා රේගු නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජේ. ඒ. ගුණතිලක මහතා කියයි.
මේ ගැසට් නිවේදනය නිසා විදේශවලින් මෙරටට ආනයනය කරන අපද්‍රව්‍ය ගැන පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා රේගුවට අවසර නොලැබෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටී.
එසේම මේ ආකාරයෙන් රටට එන නීති විරෝධී බහලුම් ගැන විමර්ශන කිරීමටත් අඩුම තරමේ ඒවා පරීක්ෂා කර බැලීමටවත් රේගුවට ඉඩ නොලැබෙන බව ද ඔහු වැඩිදුරටත් කීවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් රාජධානියේ සිට කොළඹට අපද්‍රව්‍ය අඩංගු බහලුම් 102ක් ආනයනය කිරීම සම්බන්ධ මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉදිරි පරපුර සඳහා පරිසරය රැක ගැනීමට 2013 අංක 1818-30 දරන ගැසට් නිවේදනය අහෝසි කර අහිතකර අපද්‍රව්‍ය ආනයන කිරීම තහනම් කරන මෙන් ඔහු මේ අවස්ථාවේ වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටියේය.
මේ අහිතකර අපද්‍රව්‍ය ආනයනය කිරීම පිටුපස සිටින අයගේ නම් හෙළි කරන ලෙසද ඔහු මේ අවස්ථාවේ දී මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
UK කුණු කන්ටේනර් දැන් කලාපේ කඳු ගැටයක
'රේගු ආඥා පනත, ආනයන අපනයන පාලන පනත සහ හුවමරු පාලන පනත 2013 අංක 1818-30 දරන මෙම ගැසට් නිවේදනයෙන් නිදහස් කර තිබෙනවා. මේ ගැසට් නිවේදනයට අනුව නීති විරෝධීව සිදු කෙරෙන ආනයන සම්බන්ධයෙන් රේගුවට කටයුතු කිරීමට නොහැකි කර තිබෙනවා' යැයි ඔහු වැඩිදුරටත් කීවේය.
2013 වසරේ සිට මේ ආකාරයෙන් අපද්‍රව්‍ය ආනයනය කිරීම සිදු වී ඇති අතර මෙම කසළ තොගය අතර රෝහල් අපද්‍රව්‍ය, ශාඛ කොටස්, සත්ත්ව ශරීර කොටස්, ආපනශාලා අපද්‍රව්‍ය, පාවිච්චි කළ මෙට්ට, ඇඳ ඇතිරිලි ඇතුළු අපද්‍රව්‍ය බහලුම් 102ක් කොළඹ අන්තර්ජාතික බහලුම් පර්යන්තයේ ගබඩා කර ඇත. ඒ අතර ඒ හා සමාන අපද්‍රව්‍ය පිරුණු තවත් බහාලුම් 122ක් වරායෙන් නිෂ්කාශනය කර රැගෙන ගොස් තිබේ.
වරායෙන් ඉවතට රැගෙන ගොස් ඇති කසළ තොගය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කඳුගැට සහිත ස්ථානයක දමා තිබෙන බව ද මෙහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කීය.
අහිතකර කසළ ආනයනය තහනම් කරන බාසල් සම්මුතියට ශ්‍රී ලංකාව ද අස්සන් කර ඇති නිසා ඒ සම්මුතිය අනුව කවර හේතුවක් නිසාවත් අහිතකර කසළ ආනයනය කළ නොහැකි බවද ඔහු එහිදී සඳහන් කළේය.
මේ රට තවදුරටත් ලෝකයේ අනිත් රටවල්වල කසළ දමන මීතොටමුල්ලක් වීමට ඉඩ නොතැබිය යුතු බවත් රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඇන්ටන් ප්‍රියශාන්ත මහතා පැවසීය.
කිසිම රාජ්‍ය ආයතනයකට මෙවැනි අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමට අවසර නැති වීම විශාල අනතුරක් බවත් මෙවැනි කසළ සමඟ න්‍යෂ්ටික අපද්‍රව්‍ය හෝ බිහිසුණු බැක්ටීරියාවන් තිබුණොත් ඉතා අහිතකර බවත් ඔහු පෙන්වා දුන්නේය.

COMMENTS