දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අනුරාධපුරයේ උත්සවයකට කෝටි 20ක්..කැබිනට්ටුවේ අනුමතයි !

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය. පාස්කු දින මිල...

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය.

පාස්කු දින මිලේච්ච ප‍්‍රහාරයට මාස තුනක් පිරුණා. ඒ වගේම ජූලි විසිතුන් වෙනි දා හරියටම කළු ජූලියට වසර 36 ක් වෙනවා. ආණ්ඩුව පහුගිය සති දෙක ඇතුළත සුදු ජූලියකුත් නිර්මාණය කළා.
කලූ ජූලිය සුදු ජූලිය කියලා මොන විදිහට එළියට ආවත් මේ හැම ජූලියකම තාත්තා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියන දේ සැඟවිය නොහැකි කාරණයක්. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මැදිහත්වීමෙන් අහිංසක දමිළ සහෝදරයන් ඝාතනය කරමින් රටම මස් මඩුවක් කරපු සිදුවීම. එකල කලූ ජූලිය රටේ දිගුකාලීන යුද්ධයකට පාර කැපුවා. ඡුන්ද නාමලේඛන අතේ තියාගෙන තමයි ගෙයින් ගෙට ගියේ. රුපියල් සියයක වැටුප් වැඩිවීමක් ඉල්ලා ජූලි 15 දා වැඩවැරපු රාජ්‍ය සේවක වෘත්තීය සමිති නායකයන් දඩයම් කළා. දැන් කළු ජුලිය සුදු ජූලියක් කරන්න හදන්නේ රටම මළ ජූලියක් කරපු මේ රජයයි.

ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කැබිනට් රැුස්වීමට පෙර කටුවාපිටියේ පල්ලියේ දී කාදිනල්තුමා පැවැත්වූ දේශනයට සංයමයෙන් ඇහුම්කන් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. පුරවැසියෙක් විදිහට අහිංසකව කරන ඉල්ලීමක්. එයින් යමක් පසක් වෙයි කියා විශ්වාස කරනවා.  පාස්කු ප‍්‍රහාරය ගැන එක්තරා නාලිකාවක විකාශනය වුණා මඩකලපු පල්ලියේ ප‍්‍රහාරයට ලක් වූ දියණියක් පිළිබඳව. පපුවේ මැහුම් දහතුනක්. ඒ දියණිය  තමන්ගේ මව බලන්න දිනපතා සුසාන භූමියට යනවා. මේ අයට ආණ්ඩුවෙන් සත පහක් වන්දි විදිහට ලැබිලා නැහැ. ඒ දියණියගේ පියා පුවත්පතකට කියා තිබුණා කාදිනල්තුමා දුන්න රු. 50000 විතරයි ලැබුණේ කියලා. මේ විදිහට මව අහිමි වුණු දරුවෝ ඉන්නවා. කොයි තරම් අසංවේදී ආණ්ඩුවක්ද? පියා අහිමි වුණු දරුවෝ ඉන්නවා. දරුවෝ අහිමි වුනු දෙමවුපියෝ ඉන්නවා. සමහර දරුවන්ට දෙමව්පියෝ අහිමි වෙලා. රටම කම්පනයට පත්වෙලා. ආණ්ඩුවේ අර්බුදය වසා ගන්න අනික් පාර්ශ්වවලට දොස් පවරා ගන්න එක විතරයි කරන්නෙ. .මේ වන විටත් අත්අඩංගුවට ගත් අයත් නිදහස් කරලා.

අන්තවාදය ගොබ දමමින් මතුවෙන බව ආණ්ඩුව දැනගෙන සිටියා. ඒ අන්තවාදය ත‍්‍රස්තවාදයක් වෙන බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබුණා. ඒ ත‍්‍රස්තවාදීන් නිශ්චිත දිනවල නිශ්චිත ස්ථානවලට පහර දෙන බව විදේශ සේවා දැනුම් දී තිබුණා. ඒ නිසා මේ මහා ප‍්‍රහාරයෙන් ආණ්ඩුවට කර අරින්න බැහැ. ආණ්ඩුව මේ සිද්ධියට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. අඩුම තරමේ එක් මියගිය අයකු වෙනුවෙන් ලක්ෂ 50ක වන්දියක් ගෙවන්න කියලා. ලක්ෂ 50ක වන්දියක් ගෙවන්න තියා මේ ආණ්ඩුව තවමත් සත පහක් නොදුන්නු මිනිස්සු සිටිනවා. සමහරුන්ට කීයක්වත් ගෙවා නැහැ. මේ අසමත් රාජ්‍යය අපි නිමා කළ යුතුයි. යේමනය, ඇෆ්ගනිස්තානය වැනි රටවල් තමයි අසමත් රටවල් අතරින් ඉදිරියෙන් ඉන්නෙ. මුල ඉඳලා බැලූවොත් අපි ඉන්නෙ 146 වැනි ස්ථානයේ. අගරදගුරුතුමා නිරවුල් භාෂාවෙන් එදා කිව්වෙ ප‍්‍රතිපත්තියක් නැති නායකයින් ගෙදර යවලා කරන්න පුළුවන් කෙනෙකුට භාර දෙන්න කියලයි. ඔක්තෝම්බර් 09ට පෙර ජනාධිපතිවරණය කැඳවූ යුතුයි. කිසිලෙසකින්වත් ජනාධිපතිවරණ දිනය වෙනස් කරන්න බැහැ. මේ අසමත් රාජ්‍යයේ පීඩනයෙන් මිදෙන්න මුළු රටම බලා ගෙන සිටිනවා.

ආණ්ඩුව අලූතෙන් චක‍්‍රලේඛණයක් නිකුත් කරමින් රජයේ වියදම් සීමාකරණය කිරීම සඳහා සියලූ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට දැනුම්දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අද දින පුවත්පත් වාර්තා කරලා තියෙනවා. මීට කලින් ප‍්‍රාග්ධන වියදම් සියයට 15 කින් කපා හරින්න කියලා චක‍්‍රලේඛනයකුත් නිකුත් කරා. මේ විදිහට ජනතා සේවය සඳහා යොදන මුදල් කප්පාදු කර ආණ්ඩුවේ ජනප‍්‍රියතාවය සඳහා කෙරෙන වියදම්වලට කිසිම පැකිලීමක් නැතිව මුදල් වෙන් කරනවා. ගිය සතියේ කැබිනට් රැුස්වීම් අවස්ථාවේ අනුරාධපුරයේ පත්වන්න යන තවත් උත්සවයක් වෙනුවෙන් ප‍්‍රචාරක වියදම් කියලා කෝටි 20ක මුදලක් අනුමත කරගන්න ආණ්ඩුව පියවර ගත්තා. ඒ වගේම ගම්පෙරළියට කෝටි 43 ක් වෙන් කරගත්තා. මේවට කිසිම බියක් පැකිලීමක් ලැජ්ජාවක් නැහැ. ජුනි මස 20 වැනිදා වන විට අපේක්ෂිත රාජ්‍ය ආදායම  සියයකට 23 අඩුවෙලා. මිනිස්සුන්ගේ බොටුව හිරකරලා භාණ්ඩාගාරයට මුදල් අරන් මැතිවරණ ප‍්‍රචාරණයට වියදම් කරන්නයි ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ. ජනතාව ගැන අනුකම්පාවක් නැහැ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට නායකත්වය දෙන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත විපක්ෂය ම පාස්්කු සිද්ධියට මුහුණ දුන් අය වෙනුවෙන් කණගාටුව ප‍්‍රකාශ කරනවා. මේක ආණ්ඩුවේ අමානුෂික කි‍්‍රයාවක්. අඩුම තරමේ මාස හතරක් ගත වෙන්නටත් පෙර සංවේදීව කටයුතු කරන්න. දැන් කවුරුත් නිදහස්. මේ අසංවේදී ආණ්ඩුව  අහිංසක ජනතාව දෙස බලා අපරාධකරුවන්ට නිසි දඬුවම් දිය යුතුයි. කාදිනල්තුමා කිව්වා වගේ රතුපලස් යට මේවා හංගන්න එපා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන්න ආණ්ඩුව මූලිකත්වය ගත යුතුයි. අවසානයේ වැරදිකරුවන් වෙන්නෙ කවුරුන්ද? වැරදිකරුවන් වෙන්නෙ කාදිනල්තුමා. කටුවාපිටිය දේවස්ථානයේ පියතුමන්ලා, මඩකලපුව, කොච්චිකඬේ දේවස්ථානවල පියතුමන්ලා. අවසානයේ ආණ්ඩුවෙන් අහන්න ඉඩ තියෙනවා ඇයි පල්ලිවලදී මෙහෙයන්් පැවැත්වේ කියලා. ආණ්ඩුව ඒවාට හරියට දක්‍ෂයි. කළු ජූලි සුදු ජූලියක් කළා වගේම ඒ දෙයත් කරයි.

– චමින්ද කරුණාරත්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනුරාධපුරයේ උත්සවයකට කෝටි 20ක්..කැබිනට්ටුවේ අනුමතයි !
අනුරාධපුරයේ උත්සවයකට කෝටි 20ක්..කැබිනට්ටුවේ අනුමතයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQArD8CKRdS9AmD8bWdh7TQl286K9epdcPdhwAq-zW_oMUKc8fvrQqcfKruNgpLsqgSJTR-oGC_-9WDBpBBRbDkRpV5lrYtYwNrZslHLMWEpA7Wh4ctc6UmrO5OgwtKl8rEIN_BXlK1EPI/s320/cabinat.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQArD8CKRdS9AmD8bWdh7TQl286K9epdcPdhwAq-zW_oMUKc8fvrQqcfKruNgpLsqgSJTR-oGC_-9WDBpBBRbDkRpV5lrYtYwNrZslHLMWEpA7Wh4ctc6UmrO5OgwtKl8rEIN_BXlK1EPI/s72-c/cabinat.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy