ත වුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සබදතා පැවැත්වූ බවට සැකපිට මුස්ලිම් විද්‍යාල දෙකක විදුහල්පතිවරයෙකු සහ වැඩබලන විදුහල්පතිව...
තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සබදතා පැවැත්වූ බවට සැකපිට මුස්ලිම් විද්‍යාල දෙකක විදුහල්පතිවරයෙකු සහ වැඩබලන විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොව්පතාන, වීරචෝලේ පත්තෑව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඊයේ(16) රාත්‍රී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.
අදාළ සැකකරුවන් හොරොව්පතාන, කපුගොල්ලෑව, පත්තෑව ප්‍රදේශයේ එකම ලිපිනයක පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකු බව වාර්තා වෙයි.
ඔවුන් නූර් මොහොම්මදු අබ්දුල් රසූල් සහ කාන මොහෙමද් මිජාම් නමැත්තන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.
ඔවුන් දෙදෙනා තවුහිද් ජමාත් සංවිධානයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මනා දැනුමක් පවතින බවට අනාවරණය වී තිබේ.
සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම් අන්සාර් යන පුද්ගලයින් දෙදෙනා විසින් අදාළ ප්‍රදේශයේ තවුහිද් ජමාත් පල්ලි ගොඩනගා සැකකරුවන් දෙදෙනාට බාර දී ඇති බව පොලිසිය පැවසීය.

COMMENTS