“ශර්මන්” නම් වූ අමෙරිකානු වෙරළාරක්ෂක නෞකාව කොළඹ වරායට අද සේන්දු වුණා. එය අමෙරිකාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් ප්‍රධානයක් ව...
“ශර්මන්” නම් වූ අමෙරිකානු වෙරළාරක්ෂක නෞකාව කොළඹ වරායට අද සේන්දු වුණා. එය අමෙරිකාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් ප්‍රධානයක් වන අතර, නිලධාරීන් 22 දෙනෙකුගෙන් සහ නාවිකයින් 111දෙනෙකුගෙන් එහි නැව්මුළුව සමන්විත වනවා.
මෙම නෞකාව මීටර් 115ක දිගින් යුක්ත වන අතර අවි ආයුධවලින් ද එය සමන්විත බවයි නාවික හමුදාව පැවසුවේ. ශර්මන් නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වීමෙන් පසු නාවික හමුදාව සතු විශාලතම නෞකාව එය බවට පත්වනවා.
COMMENTS