රි ෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව දැනට තිබෙන බරපතළ චෝදනාවලට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි...
රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව දැනට තිබෙන බරපතළ චෝදනාවලට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පැවසීය.
පුංචි බොරැල්ලේ පරිවර්තන කේන්ද්‍රයේදී ඊයේ (09) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල යන මහත්වරුද ඊට එක්ව සිටියහ.
මුස්ලිම් අන්තවාදීන් සමඟ ඔහු කර ඇති ගනුදෙනු සහ උපයාගත් අසීමිත මුදල් සම්බන්ධව වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන්, පොලිස්පතිගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඉල්ලා සිටින බවද දිසානායක මහතා සඳහන් කළේය.
එස්.බී. දිසානායක මහතා මෙසේ ද කීය.
රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ රිෂාඩ් අලබ්ඩීන් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධවී තිබීම, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඊබ්‍රාහිම් ඉන්ෆාස්ට අයත් ඊබ්‍රාහිම් තඹ කම්හලට අවශ්‍ය පිත්තල, අමාත්‍යාංශය හරහා ලබාදීම, එසේ ලබාදී ඇති පිත්තල ප්‍රමාණය සියයට 85ක් ඉක්මවා තිබීම, තුර්කියේ සිට මෙරටට පැමිණි පිරිසකට රිෂාඩ් අමාත්‍යවරයා ආරක්ෂාව හා රැකවරණය ලබාදී ඇති බව අනාවරණය වීම, මන්නාරමට ඔබ්බෙන් වූ අක්කර 3550ක ඉඩම් රිෂාඩ්ගේ ඥාතීන්ගේ නමින් ලබාගෙන තිබීම, එම ඉඩම් මිලදී ගැනීම් සඳහා රුපියල් මිලියන 1500කට වඩා වැය කිරීම, ඉන්දියාවේ කේරළයේ ඉඩම් මිලදී ගැනීම, රිෂාඩ්ගේ රියැදුරකුගේ නමින් කොළඹ ඉඩම් තිබීම, එම ඉඩම් අයිතිය තිබූ රිස්කාන් නමැත්තා සර්පයකු දෂ්ට කර මියයෑම, ඒ මරණය පිළිබඳ මියගිය අයගේ මාපියන් ඇතුළු පිරිස තුළ බරපතළ සැකයක් මතුවී තිබීම ආදී කාරණා විමර්ශනය කර මොහුට එරෙහිව පියවර ගතහැකි බවද එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
රිෂාඩ් ඇතුළු ඥාති පරපුර විසින් අල්ලාගෙන සිටින එම අක්කර 3550 භූමිය එහි පදිංචිව සිටි ඇතැම් අය එළවා දමා එය අත්පත්කරගෙන තිබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි ද මන්ත්‍රිවරයා පැවැසීය.
ශිරාන් රණසිංහ, දුලාංජලි බණ්ඩාර

COMMENTS