Loading... යාපනයේ ගම්මාන දෙකකින් විවිධ භාණ්ඩ සොරා ගන්නා ලද ඉන්දීය ජාතිකයින් දෙදෙනකු යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සංචාර...
Loading...
යාපනයේ ගම්මාන දෙකකින් විවිධ භාණ්ඩ සොරා ගන්නා ලද ඉන්දීය ජාතිකයින් දෙදෙනකු යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක වීසා මත ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති මෙම ඉන්දීය ජාතිකයින් දෙදෙනා යාපනයේ ඌර්කාවර්තුරෙයි පළාතේ කරම්පන් හා නාරන්තනෙයි යන ගම්මානවලට ගොස් ශාස්ත‍්‍ර කියන මුවාවෙන් නිවෙස්වලට ඇතුළු වී නිවෙස්වල තිබූ විවිධ දේ සොරකම් කොට තිබේ.
සොරා ගන්නා ලද භාණ්ඩ අතර මුදල්, ස්වර්ණාභරණ, ජංගම දුරකථන, ක්‍රෙඩිට් කාඞ්පත්, ඔරලෝසු ඇතුළු තවත් දේ තිබූ බව පොලිසිය පැවසීය.
බෙල්ලන් උඩ දැමීමෙන් හා පැරණි පුස්කොළ පොත්වල ලියා ඇති නාඩි වාක්‍ය කියවීමෙන් ශාස්ත‍්‍ර කියන බව පවසමින් මේ දෙදෙනා නිවෙස්වලට පැමිණ එම නිවෙස්වල බොහෝ කාලයක් ගැවසී තිබේ.
නිවසේ උදවිය නොමැති අවස්ථාවන් බලා මේ දෙදෙනා කාලයක සිට එම පළාතේ නිවෙස්වලින් භාණ්ඩ සොරකම් කොට තිබේ.
පොලිසිය විසින් අත්ඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් දෙදෙනා යාපනය දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.
-Divina
COMMENTS