Loading... බංගලාදේශ පාසලක ඉගෙනුම ලබමින් සිටි නුස්‌රත් ජහාන් රාෆි නම් සිසුවියට පාසල තුළදී ම භූමිතෙල් දමා ගිනිතබා ඝාතනය කර ඇත. ඉන් දෙ...
Loading...
බංගලාදේශ පාසලක ඉගෙනුම ලබමින් සිටි නුස්‌රත් ජහාන් රාෆි නම් සිසුවියට පාසල තුළදී ම භූමිතෙල් දමා ගිනිතබා ඝාතනය කර ඇත.
ඉන් දෙසතියකට පෙර පාසලේ ප්‍රධාන ගුරුවරයා තමන් ලිංගික අපයෝජනයට ලක්‌කළ බවට ඇය පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ලිංගික අඩන්තෝට්‌ටම්වලට එරෙහිව ඇය හඬ නැගීම නිසා දින පහකට පසු ඇයව ඝාතනය කිරීම සහ ඒ අතරතුර සිදුවූ සියලු සිද්ධි මූලික කරගෙන ගතානුගතික දකුණු ආසියානු රටක් වන බංගලාදේශයේ කාන්තාවන් මුහුණ පාන ලිංගික අඩන්තෝට්‌ටම් පිළිබඳව ලෝකයේ අවධානය යොමු වෙමින් ඇත.
19 හැවිරිදි නුස්‌රත් ජීවත් වූයේ, ඩකා නුවරට දකුණු දෙසින් කිලෝමීටර් 160 ක් එපිටින් පිහිටි zෙµනීZ නම් කුඩා නගරයේය.
ඇය ඉස්‌ලාමීය පාසලක ඉගෙනුම ලැබුවාය. පසුගිය මාර්තු 27 වැනිදා පාසලේ ප්‍රධාන ගුරුවරයා ඇය සිය කාර්යාලයට ගෙන්වාගෙන දිගින් දිගට ම අනවශ්‍ය ආකාරයට ස්‌පර්ශ කළ බව ඇය පවසා තිබිණි.
එය තවත් බරපතළ තත්ත්වයකට පත් වීමට පෙර ඇය කාර්යාලයෙන් ඉවතට දිවගොස් තිබේ.
නමුත් නුස්‌රත් ජහාන් රාෆි තමන්ට සිදුවූ හිරිහැර ගැන හඬ නැඟුවා පමණක් නොව, සිය පවුලේ අයගේ සහය ඇතිව ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් කිරීමට ද ක්‍රියා කළාය.
ප්‍රදේශයේ පොලිස් ස්‌ථානයට ගිය ඈ ප්‍රකාශයක් ලබා දුන්නාය. ඇය මුහුණ පෑ කටුක අත්දැකීම් විස්‌තර කිරීමට පොලිසිය තුළ ආරක්‌ෂිත ස්‌ථානයක් ලබා දිය යුතුව තිබිණි. නමුත්, සිදු වූයේ වෙනත් දෙයකි. ඇය මුහුණ පෑ සිද්ධිය ගැන පවසද්දී අදාළ පොලිස් නිලධාරියා සිය ජංගම දුරකථනයෙන් එය වීඩියෝගත කර තිබිණි.
නුස්‌රත් එම අවස්‌ථාවේ මහත් අපහසුතාවට පත්ව සිය අත්ලෙන් මුහුණ සඟවා ගැනීමට උත්සහ කරන අයුරු වීඩියෝ දර්ශනවල පැහැදිලිව දැකගත හැකිය.
මෙය "ඒ තරම් ලොකු දෙයක් නොවෙයි" යෑයි පවසන පොලිස් නිලධාරියා මුහුණෙන් අත් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින ආකාරය මෙම වීඩියෝවේ දක්‌නට ලැබේ. පසුව මෙම වීඩියෝව මාධ්‍යයට ලබාදීමට ඔහු ක්‍රියාකර තිබිණි.
- දිවයින පුවත්පත
COMMENTS